Sunday, 24 September 2023
සරළ බවම සුන්දරකම ඔබට අභරණ.....
Wednesday, 20 September 2023
බලා වැලපෙන ඇතුගලත් අද සුසුම් දෙයි තනිකම කියා.....
වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා
මලානික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා
පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා
මුලා වුණු හිත තැවෙනවා දැන් අතීතෙක මාවත් සොයා
වෙලා ගත් සුදු මීදුමේ ඝන අන්ධකාරෙට නෙත තියා
බලා වැලපෙන ඇතුගලත් අද සුසුම් දෙයි තනිකම කියා
සලා සිනහව නුඹව දුටු දින වැටුණු මල් රොබරෝසියා
ගලා යන රන්තාලි වැව මත හැඬුවෙ කිම කඳුළක් තියා
කලා සොළස පිරි නිශාකර යළි රැයට ඇරයුම් තිය තියා
එලා සේල සළු සැරසුවත් නිති හිතට වද දෙන්නේ ඔයා
ගිලා ගියද ඒ සෙනෙහෙ අමතක කෙරූ මුත් දුක නෑ කියා
ගලා හැලෙන සුදු මීදුමේ තෙත හිතම හිරිවට්ටයි සොයා......
Monday, 18 September 2023
හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ද සෙනෙහස මට මදී....
සහස් ගව් දුර ගෙවා දිවිමග නෙතට හසුවූ ගැටිස්සී
අහස් කුස මත උදුල සඳවත රුවට සමවන ළමිස්සී
දහස් බැල්මන් නොවේ අප දෙස ඇයිද සොඳුරිය තිගැස්සී
රහස් මුමුණන විහඟ නිහඬය කිමද යන්නට හදිස්සී
බොඳ වෙලා පිපි ධවල මීදුම කඳු සිරස සනහා ඇදී
හද කලම්බන සිසිල පතුරා වැළඳ සැනසෙයි නිල් නදී
සඳ වඩින තුරු නිළම්බර මත සතුට පරවෙන්නට නොදී
හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ද සෙනෙහස මට මදී....
Thursday, 14 September 2023
සොය සොය දුකය මිය ගිය ඇය එනුනැතිය.....
( සර්ව ලඝු වූ සම විරිතකට කරන ලද නිර්මාණයක්....)
තිය තිය අඩිය ගිය ගිය පය සුවනැතිය
දියවිය සිහිය සිය ළය කය නිදිනැතිය
නියඟය ළඟය ප්රිය දියණිය තවනැතිය
සොය සොය දුකය මිය ගිය ඇය එනුනැතිය.....
Tuesday, 12 September 2023
ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී.....
සුසුදු ජල බිඳු විසිරි විසිරී රහස් කොඳුරයි සැලි සැලී
මුහුදු මායිම නිසංසල වී අසිරි දෙයි නිති මුතු රැළී
සුමුදු මදනල ගයයි පෙම් ගී තාලෙ අනුවම නැළවිලී
නමුදු සොදුරිය නොමැත බාධා දැනෙයි සැනසුම් සිතුවිලී
දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු හුරතලී
මාස සති දින බලා සිටි ඒ දිනය මෙයමයි සැනසිලී
ආසමයි නුඹෙ තුරුලෙ උණුහුම විඳින්නට රන් සමනලී
රෝස මල්පෙති සුවය පරදයි දැනෙන හැඟුමන් සියුමැලී
හිතින් හිතකට සෙනෙහෙ තැවරී පැහැය ගලනව දිලි දිලී
නෙතින් නෙතකට සතුටු කඳුළක් පිබිදිලා කොපුලක වෙලී
අතින් අත ගත් වාසනාවට වැටෙයි මල් වැහි සිලි සිලී
ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී.....
Friday, 8 September 2023
සේල හැඩටම වතට සිරකර වසාගෙන නොයිදුල් ලැම.....
සේල හැඩටම වතට සිරකර වසාගෙන නොයිදුල් ලැම
කෝල සිනහව මුවින් අතහැර සුසුම් හෙලනා තතු කිම
මාල ගොතමින් වාසලේ විඳි වේදනා තබමින් නිම
ආල බහ දී එනවනම් නුඹ යන්නෙමී කැන්දා මම........
( රූප සටහනට ස්තූතිය : 2Z.AI )
Thursday, 7 September 2023
තුති දෙති රවති ඇති බැති ගති නිති පුදති.....
තුති දෙති රවති ඇති බැති ගති නිති පුදති
යති එති දුවති හති ලති මැති පැති පනිති
කති බොති නිදති කිති පැතිරෙති රති විඳති
කැති ගැති ඇමති සති නැතිවෙති පෙති ගිලති......
සර්ව ලඝු වූ සම විරිතකට කරන ලද නිර්මාණයක්...
Sunday, 3 September 2023
කෝල සිනහව දෙසට ඉඟිබිඟි කරයි මීදුම් සල සලා
නීල පැහැයෙන්
වියන් බඳිනා
අහස් ගැබ මත රැඳි වලා
කෝල සිනහව
දෙසට ඉඟිබිඟි
කරයි මීදුම් සල සලා
මාල නැතිමුත්
ළඟින් හිඳගෙන
සුසුම සැනසුම් හෙල හෙලා
ආල කුසුමන්
පිපෙයි මසිතේ
ඔබේ නමටම හැඩ වෙලා....
කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...

-
. දුරදි දැකලා හිතම පිරුණත් කුතුහලේමයි නිතර පෑරී නොරැඳි මොහොතක් කොහෙ ගියේදෝ ...
-
. . වටින් පිටින් වැහි අස්සේ නත්තල් සිරි සරුවේ හිමෙන් නැතත් සීතලෙන්ම මීදුම තව හැඩවේ රසින් රසය උතුරායන පදමට කවි මතුවේ ඉතින් හද...