Sunday 30 July 2023

ආයුබෝවන්

 


   හමන   සුවඳකින් නැහැවෙන    මල්වාරේ

සැලෙන   සුළඟ සිත නලවයි          ගංතීරේ

 තිබෙන   නිසා කවි රුචියම           සංසාරේ

මෙතැන   රැඳී කියවා යමු              "සංචාරේ".....


මීට වසර කිහිපයකට පෙර, එනම් 2016 සිට සොයා යන්නෙක් ලෙස ඔබ හමුවට පැමිණි "දුමී" ගේ අතරමග නැවතුණු ගමන, අද පටන් යළිත් බ්ලොග් අවකාශය තුළ සොයා යන්නට "සංචාරේ" ඇරඹෙණු ඇත. 

ඉතින් මා හිතවත් බ්ලොග් සහෝදර සහෝදරියනි, "දුමී" වටා එක්වු ඔබ සැම "සංචාරේ" කිරීමට අද පටන් එක්වනු ඇතැයි මම සිතමි. 

කවිය, කෙටි කථාව, කලාව ආදිය පිළිබඳව නිරතුරුව සොයා බලා "සංචාරේ " කිරීමට ඔබ එනතුරු මම බලා හිඳිමි. 

ඔබ සැමටම සුභ දවසක් වේවා...!

ජය වේවා....!!

සුසුමකවත් නැවතුණිනම්.... ( කෙටි කතාව )

  . --- සුසුමකවත් නැවතුණිනම් ---                          ( කෙටි කතාව ) . ජීවිතය පිළිබඳව වූ ඒ භයානකම ලියවිල්ල යළිත් මගේ ඇස් ඉදිරියට පැමිණියේ...