Saturday 2 December 2023

ළඟක ඉඳින් මගෙ හදවත හඬද්දී....( ශනිදා රෑ දහයට VIII).

 .


.

සඳ  දිය සේල සිතුවම් හැඩ        මවද්දී

ඉඳ  ගෙන වටේ තරු තනිකම   මකද්දී

විඳ  විඳ වලාකුළු දුක් ගී              ගයද්දී

හද  මගෙ රිදෙයි ඔයාව සිහි      කරද්දී


සුළං  සැරට එහෙ මෙහෙ දුව     පනිද්දී

වහං  වෙන්න බෑ සුවඳක්         දැනෙද්දී

පතං  ආව ආදරෙ කටු              ඇනෙද්දී

බලං  ඉන්න බෑ විරහව          හැඟෙද්දී


පැහැබර දිනක උඳුවප් මහ          ලබද්දී

නැහැ  පෙර දුකක් ඔයාගෙ රුව   දකිද්දී

බැහැ  සැනසෙන්න ඒ මතකය මැවෙද්දී

ඇහැ  රතු වෙනව දැන් හීතල   දැනෙද්දී


හඳක  සිරිය උඳුවප් මහ               දිළෙද්දී

මතක  මැවෙයි මළබෙර හඬ   ඇහෙද්දී

දිනක  ඉපිද හැකිනම් සැරි             සරද්දී

ළඟක  ඉඳින් මගෙ හදවත          හඬද්දී.....


--- දුමී ---

22 comments:

  1. අහස ගිගුරුවා මහ වැසි වසිද්දී
    ගං වතුරක්ව මහ දිය කඳ ගලද්දී
    වාගේ පෙනේ ආලේ මෙහෙ බලද්දී
    දුක් වේදනා ටොන් ගනනින් පෙනෙද්දී
    නොකරන් ආලෙ සිත මුමුණයි අසද්දී

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කවිය.
      ස්තූතිය ගොඩක් නවීන්.
      ජයවේවා !!!

      Delete
    2. සංචාරේ ගේ කවි පෙළයි, මේකයි දෙකම එල

      Delete
    3. ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  2. Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ.
      ජයවේවා !!!

      Delete
  3. බොහොම ලස්සනයි +++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  4. Replies
    1. ඉවාන් ඉවාන්...
      දැකුමත් සතුටක්.
      ස්තූතිය ගොඩක් පැමිණීමට.
      ජයවේවා !!!

      Delete
  5. හරි ලස්සනයි. එහෙම තමයි මතක සැමරුම් හරිම වේදනාකාරියි. හදවත පෑරිල්ලේ කෙළවරක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ලියෝනි ඔබටත්.
      ජයවේවා !!!

      Delete
  6. "හද මගෙ රිදෙයි ඔයාව සිහි කරද්දී"
    පරක්කු කරන්ඩෙපා ඉක්මනට ECG එකක් අරං බලමු දුමී. බි.පෙ.සි.
    අදත් මරු ඈ.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හිහී.... දුවන්න ඕන එහෙනම්😀
      ස්තූතිය ගොඩක් හැට්ටර්...
      ජයවේවා !!!

      Delete
  7. "දුකම කොයි තරං සතුටක්දෝ" . . සේනානායක වේරලියද්ද

    ReplyDelete
    Replies
    1. ම්ම්... ලස්සන සින්දුවක්.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  8. පාලුව, විරහව, තනිකම හැමදේම කියවෙන කවි පන්තියේ ඒ හැම දේම යටකර නැගෙන වේදනාව මතුවීම හරිම අලංකාරයි. සුපිරියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට ගල්මල්
      ජයවේවා !!!

      Delete
  9. පරිසරයත් එක්ක විරහව මරුවට කලවම් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට අනුරුද්ධ .
      ජයවේවා !!!

      Delete
  10. රහ කවි ලියන දුමින්ද ගේ ගීතවත් පද ගී ලියමු තුලින් දැක්කාම සතුටුයි. ඔබේ කවි ලන්ඩන් කවි වලටත් යවන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබට බොහොම ස්තූතිය ඒ තැන ගැන දැණුවත් කෙරුවට. මටත් සතුටුයි. මට මේ තාක්ෂණික දැණුම අඩු නිසා හෙමින් තමයි වැඩක් වෙන්නෙ. ලන්ඩන් කවියටත් උත්සාහ කරන්නම්.
      ස්තූතිය හදවතින්ම.
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...