වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා
මලානික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා
පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා
මුලා වුණු හිත තැවෙනවා දැන් අතීතෙක මාවත් සොයා
වෙලා ගත් සුදු මීදුමේ ඝන අන්ධකාරෙට නෙත තියා
බලා වැලපෙන ඇතුගලත් අද සුසුම් දෙයි තනිකම කියා
සලා සිනහව නුඹව දුටු දින වැටුණු මල් රොබරෝසියා
ගලා යන රන්තාලි වැව මත හැඬුවෙ කිම කඳුළක් තියා
කලා සොළස පිරි නිශාකර යළි රැයට ඇරයුම් තිය තියා
එලා සේල සළු සැරසුවත් නිති හිතට වද දෙන්නේ ඔයා
ගිලා ගියද ඒ සෙනෙහෙ අමතක කෙරූ මුත් දුක නෑ කියා
ගලා හැලෙන සුදු මීදුමේ තෙත හිතම හිරිවට්ටයි සොයා......
වරෙක හිතෙනවා සරසවිය ගැන, නැවත කියවද්දි හුරු පුරුදු ගම් පලාත ද කියලා හිතෙනවා. අන්න ඒ විදියට වෙනස්ව හිතන්න පෙළඹවන පදපෙල, ලස්සනයි අරුත්බරයි. ජය!
ReplyDeleteස්තූතිය හදවතින්මම ගල්මල්.
Deleteජයවේවා
මේකේ \\\\ අයින් කරලා ගන්න
ReplyDelete\\https://dumindasanchare.blogspot.com/feeds/posts/default\\
ස්තූතිය ගොඩක්
Deleteජයවේවා