Monday 18 September 2023

හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ද සෙනෙහස මට මදී....


 සහස්  ගව් දුර ගෙවා දිවිමග නෙතට හසුවූ           ගැටිස්සී

අහස්  කුස මත උදුල සඳවත රුවට සමවන            ළමිස්සී

දහස්  බැල්මන් නොවේ අප දෙස ඇයිද සොඳුරිය  තිගැස්සී

රහස්  මුමුණන විහඟ නිහඬය කිමද යන්නට        හදිස්සී


බොඳ  වෙලා පිපි ධවල මීදුම කඳු සිරස සනහා           ඇදී

හද  කලම්බන සිසිල පතුරා වැළඳ සැනසෙයි නිල්       නදී

සඳ  වඩින තුරු නිළම්බර මත සතුට පරවෙන්නට   නොදී

හිඳ  අසළ පෙම ස්වරය ගළපමු වින්ද සෙනෙහස මට  මදී....

---- දුමී -----

4 comments:

  1. Replies
    1. ඔව්. " දුමී " ගෙ අමතක කරන්න බැරි නිර්මාණ ඉද හිට මෙතනින් බ්ලාගන්න පුලුවන් . ස්තූතිය සඳූ.
      ජයවේවා !!!

      Delete
  2. මේ කව හරිම ආදරණීයයි වගේම තුරුණු ලෝබය හරිම අහිංසකයි. ලස්සන කවක් වින්දෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට.
      ජයවේවා

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...