Saturday 10 August 2024

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

 

.

.

සොඳුරු මතකේ මැරී ඉපදී 

                                 අතීතෙක සුව මවා පෑවත් 

සිඳුරු වූ හිත රිදෙනවාමයි 

                         දෙනෙත් අතරට කඳුළු නාවත්

අඳුරු අහසද වැලපි වැලපී  

                                 වියෝ ගීයක අරුත කීවත්

කිඳුරු පෙම්වත යළිත් එනතුරු 

                               උරුම නෑ මේ ගතට මාවත්...

.


‍රුදුරු වෙස් ගෙන සළෙල බඹරුන්

                                 සැරිසැරූවද වෙවී හාමත්

ගොදුරු නොවුණෙමි බැල්ම අභියස 

                            සුවඳ පිවිතුරු මලකි තාමත්

නුදුරු සසරේ යළිත් හමුවෙමු

              එතෙක් සෙනෙහස රැඳෙයි කෝමත්

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් 

                    සැපකි මෙලොවින් නික්ම යෑමත්...


                             --- දුමී ---


6 comments:

  1. හිතාමතා නික්ම යෑම නම් සැපක් නොවේමයි. කොහොම හරි එල්ලීගෙන සිටීමයි කළයුතු නම්!

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒත් නොඑන්නම ගියාට පස්සෙ ඒ සෙනෙහෙ වෙනුවෙන් නික්මීම ගැනයි කියවුනේ
      හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා

      Delete
  2. සෙනෙහසක කතාවක් 🌹

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට අයියේ
      ජයවේවා

      Delete
  3. Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ප්‍රා, ජේ,
      ජයවේවා

      Delete

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...