Tuesday 12 September 2023

ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී.....

සුසුදු  ජල බිඳු විසිරි විසිරී රහස් කොඳුරයි          සැලි සැලී

මුහුදු  මායිම නිසංසල වී අසිරි දෙයි නිති              මුතු රැළී

සුමුදු  මදනල ගයයි පෙම් ගී තාලෙ අනුවම          නැළවිලී

නමුදු  සොදුරිය නොමැත බාධා දැනෙයි සැනසුම්  සිතුවිලී


දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු     හුරතලී

මාස සති දින බලා සිටි ඒ දිනය මෙයමයි                සැනසිලී

ආසමයි නුඹෙ තුරුලෙ උණුහුම විඳින්නට රන්       සමනලී

රෝස මල්පෙති සුවය පරදයි දැනෙන හැඟුමන්     සියුමැලී


හිතින් හිතකට සෙනෙහෙ තැවරී පැහැය ගලනව දිලි   දිලී

නෙතින් නෙතකට සතුටු කඳුළක් පිබිදිලා කොපුලක  වෙලී

අතින් අත ගත් වාසනාවට වැටෙයි මල් වැහි සිලි          සිලී

ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි       මලී.....



2 comments:

  1. ලස්සනයි ..කලින් බ්ලොග් එකෙත් කියෙව්ව වගේ මතකෙකුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් සඳූ ... කලින් එකේ ඒවත් අලුත් ඒව අතරට දානවා...
      ස්තූතිය ගොඩක් .
      ජයවේවා

      Delete

ළඟක ඉඳින් මගෙ හදවත හඬද්දී....( ශනිදා රෑ දහයට VIII).

 . . සඳ  දිය සේල සිතුවම් හැඩ        මවද්දී ඉඳ  ගෙන වටේ තරු තනිකම   මකද්දී විඳ  විඳ වලාකුළු දුක් ගී              ගයද්දී හද  මගෙ රිදෙයි ඔයාව ස...