Saturday 16 December 2023

සීත අඳුරෙ පලයන් මා නොකර මුලා.....( ශනිදා රෑ දහයට X ).

 .


.

පිදු  සෙනෙහසක අරුමය සිත තුළට   ගලා

සුදු  පරවියන් යුවළක් මුතු කඳුළු         සලා

කඳු මායිමේ මීදුමකට මුවා                වෙලා

මධු මාලතිය දුර ඇදුණා අහක            බලා


පොතට වද දිදී කුරුටුව             ලිව්වාට

නෙතට කඳුළු උණුහුමකින්     රැව්වාට

ගතට හිරිගඩුව සරදම්            මැව්වාට

හිතට දුකයි හැර යන බව        කිව්වාට


ඈත  මීදුමේ මැලවුණු මේඝ            බලා

පීත  පාට මල් සුවඳද නිමා              කලා

ගීත  බෙදන සියොතුනි අමනාප   වෙලා

සීත  අඳුරෙ පලයන් මා නොකර     මුලා......


--- දුමී ---

21 comments:

  1. හ්ම්ම් හ්ම්ම් සීත,අඳුර පලයන් මා නොකර මුලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ..
      ජයවේවා !!!

      Delete
  2. හුම්. විරහ... රහ 💔

    හුඟ කාලෙකින් 'මධු මාලති' වචනෙ කවියකින් දැක්කෙ

    ReplyDelete
    Replies
    1. විරහවත් රහයි නමියා.
      රස වින්දානම් සතුටක්.
      ස්තූතිය ගොඩක් නමියා.
      ජයවේවා !!!

      Delete
  3. මොකෝ මේ මධු මාලතිය තරහා වෙලාද? තව කවියක් ලියලා ‍යාලුකර ගමු. හැමදාමත් වගේ ලස්සන කවක්.

    ReplyDelete
    Replies
    1. ආහ්. ඔව් ඔව්. කවියෙන් මොනාද කරන්න බැරි නේද ?
      ස්තූතිය ගොඩක් ලියෝනි.
      ජයවේවා !!!

      Delete
  4. සුදු පරෙවියන්ගෙයි මධුමාලතීගෙයි සම්බන්ධය තේරුනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. වෙන් වෙන දෙන්නගෙ ආදරය සතුන්ටත් දුකක්. එතරම් ලස්සන ආදරයක් තිබුනේ. ඒකයි සුදු පරවියන්ව සම්බන්ද කෙරුවෙ.
      මධු මාලතිය ගියාම තනි වුනු ඔහුගේ දුක එතරම්ම දැනෙනවා.ඒකයි ඒ.
      ස්තූතිය ගොඩක් ඔබට .
      ජයවේවා !!!

      Delete
  5. ගීත බෙදන සියොතුනි අමනාප වෙලා

    සීත අඳුරෙ පලයන් මා නොකර මුලා

    ඊ කොටස ආයේ ආයේ ඇහෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. ම්... එහෙම වෙනවා කියන්නේ ඉවාන් නිර්මාණය හොඳින් රසවිඳලා තියෙනවා කියන එකයි. ඒක සතුටක්.
      ස්තූතිය ගොඩක් ඉයන්.
      ජයවේවා !!!

      Delete
    2. අකුරු වැරදිලා. සමාවන්න. ඉයන් නෙමෙයි ඉවාන්.

      Delete
  6. ලස්සන නිර්මාණයක්...... Mayya

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් මායියා.
      ජයවේවා !!!

      Delete
  7. හරිම ලස්සනයි දුමී ❤

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් සේපාලිකා මල්.
      ජයවේවා !!!

      Delete
  8. විරහ වෙනාවක් ආවහම ලියැවෙන කවි එන්නේ ඇට මිදුළු අස්සෙන් නේද

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අයියේ. කොහොම කවිය ලියවෙනවද කියලා හිතාගන්නත් බෑ සමහර වෙලාවට....
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete
  9. අපි යන්නං නොකර සද්ද මේක බලා.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ආහ්. මිත්‍රයා...
      සද්ද නොකර ගියාට comment කරලා ගිහින්නේ... ඒ ඇති.
      ස්තූතිය ගොඩක් හැට්ටර්...
      ජයවේවා !!!

      Delete
  10. විරහව මෙතරම් අලංකාරව, ඒක රහයි දුමී.

    ReplyDelete
    Replies
    1. විරහ රහට මාත් කැමතී...
      ස්තූතිය ගොඩක් ඔබට අයියේ.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...