Saturday 23 December 2023

නත්තල් සිරි සරුවේ තායි චිකන් හැඩවේ...( ශනිදා රෑ දහයට XI )

 .


.

වටින් පිටින් වැහි අස්සේ නත්තල් සිරි    සරුවේ

හිමෙන් නැතත් සීතලෙන්ම මීදුම තව   හැඩවේ

රසින් රසය උතුරායන පදමට කවි           මතුවේ

ඉතින් හදමු තායි චිකන් බඩ ගින්නද     වැඩිවේ


හොඳට සෝදලා වියළපු බඳුන    තබන්න

එයට ඔයිස්ටර්, සෝයා සෝස්        දමන්න

රසට හොදට සුදුළූණූ පේස්ට්      හලන්න

එවිට සුවඳ පැතිරෙනවා එයත්      විඳින්න


සිහින් වෙන්න කොත්තමල්ලි කොළ ටික    ලියලා

දමන්න ඒ බඳුන වෙතට ලස්සන                  දැකලා

හොඳින් තියෙන උකු පොල් කිරි කළවම්      කරලා

එයින් මේස හැඳි දෙකකුත් ගන්නකො        මැනලා


සැරයි එහෙත් ගම්මිරිසුත් ඕනම    වෙනවා

යසයි කියන පදමට ලුණු ඕනම      වෙනවා

ඔයයි මමයි මිරිස් රසට ආසම         වෙනවා

හොඳයි ඉතින් ඒ සේරම කළවම්      වෙනවා


සඳහන් කළ ඒ හැම දේ කළවම්           කරලා

රැකගන් එය හරි පදමට දියාරු            බලලා

දැන් දැන් මේ භාජනයත් පසෙකින්      තියලා

අරගන් අර කුකුල් මසුත් පොඩියට     කපලා


හොඳින් සේදු ගෑරොප්පුව අතකට            රැගෙන

අනින්න කැපු මස් ටිකටම නොතැලෙන   ලෙසින

කලින් සැදුව උකු තැවරුම තවරා               සැනින

පැයෙන් අඩක් තැබු විට රස එයටම            උනන


දැන් හරි මස් කැබලි ටිකත් වෙන වෙන   අරගනූ

ඉන් එක එක රම්පෙ කොලේ ඔතලා         දවටනූ

මෙන්න ටූත් පික් එක හෝ ඉරටුව             රඳවනූ

ඔන්න වැඩේ අවසානෙදි දෑසම                 නටවනූ


තෙලින් රත්ව තාච්චිය් ගිනි අඩු         කරලා

එකින් එකට මස් බෝලත් බැදගනු     දමලා

රනින් දිලෙන පැහැයක් දුටු විට ලිප  නිවලා

රසින් පිරුණු තායි චිකන් දැන් ඇත්   හැදිලා


දවස ගානෙ එකම කෑම කාල                 ඇතිවෙලා

වෙහෙස නොවෙයි මෙය හදමින් කමුද    දඟලලා

නිවස සතුට නත්තල හා සිනහ                පැතිරිලා

සවස එයා එක්ක නටමු ආලෙ                කොඳුරලා...


--- දුමී ---


ස්තූතිය :

කෑම වට්ටෝරුව සහ සේයාරුව ලබාදුන් " තිලාගෙ කෑම පිටුව " හිමිකාරිණී තිලානි විතානගේ මහත්මියට .

27 comments:

  1. මරුනේ අනේ...මගේ රෙසපියකුත් කවියෙන් ලියන්න හිතුනා මේක බලලා..ඒත් ඉතින් දුමීට තියෙන ටැලන්ට් එක මට නෑ..නියමයි මේක

    ReplyDelete
    Replies
    1. ආහ්. ලියමු සඳූ. ඔයාට බැරි නැහැ.
      ඉතින් ස්තූතිය ගොඩක්.
      ජයවේවා !!!

      Delete
  2. අඩේ මේක නං මරුම මරු වැඩක්! ඔයාට යූ ටියුබ් චැනල් එකකුත් පටන් ගන්න පුළුවන් වෙයි මෙහෙම ගිහිං!

    ReplyDelete
    Replies
    1. ආහ්. ඒකත් මරු අදහසක් අයියේ. තාක්ශනික දැණුම දියුණු කරගත්තහම උත්සාහ ජරන්න ඕන.
      මේක හදලා බලන්න. අලුත් රසක් මටනම්.
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete
    2. තාක්ෂණය බැරියර් එකක් කරගන්න එපා, යූටියුබ් ක්ලිප් එකක් කතාවෙන් වගේම අකුරු වලිනුත් කරන්න පුලුවන්, කරනවා නම් කියන්න, මම උදව් කරන්නම් දුමී.

      Delete
    3. ඔව්. නිතරම දෙන ඔය උපදෙස් මට හයියක්. ගොඩක් වටිනවා ඒවා.
      මම දවසක කියන්නම් අයියේ.
      ස්තූතිය ගොඩක් ගල්මල්.
      ජයවේවා !!!

      Delete
  3. ඒක මරුනෙහ් දුමී. මේ උදේ පාන්දරම කටට කෙල උනනවා රෙසෙපිය කියවලා. මේ කවිකම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. වෙලාවක හදලා බලන්න. රස ගැණත් මට කියන්න.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  4. කවියෙන්ම හදපු නිසා කලාත්මක රසයක් ඇති.

    ReplyDelete
    Replies
    1. ම්ම්. ඒකනේ. වෙලාවක හදලා කාලා බලන්න Litseeker.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  5. අපුරු රෙසිපිය. මේක හදලා නත්තල් දා .....
    සවස එයා එක්ක නටන්න ඕනෙ ආලෙ කොඳුරලා

    ReplyDelete
    Replies
    1. අන්න ලියෝනිට ඒක වැටහුනා. එහෙම කරාමයි රහ වැඩි.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  6. දැන ඉතින් ඔයා දුමී මේම අර ටීවි ප්‍රෝග්‍රෑම් එහෙක වගේ ලාස්සනට උයන හැටි ලීවාම... උයන්න බැරි මටත් හිතෙනව ඕකත් මහ කජ්ජක්ද කියල 😁🤭

    අපූරැයි මේ වැඩේ...!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම . උයන එක එතරම්ම අපහසු නෑ නමීයා. ඒකත් කලාවක්නේ. උත්සාහ කරලා බලමු නේද ?
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  7. Replies
    1. ආහ්.. අයියටනම් මේක උත්සාහ කරලා බලන්න පුලුවන් . සමහරවිට කාලත් ඇති.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
    2. මම පෙපර් , ලුණු එක්ක මීසෝ කියන ජැපනීස් පේස්ට් එක දානව. සමහර විට ටෙරියකි සෝස් ටිකකුත් . ඒකත් රහයි

      Delete
    3. ඒකනේ. අයියට කෑම හදන්න පුලුවන් කියලා මම හිතුවා. මීසෝ පේස්ට් එකේ අඩංගු මොනවා වගේ දේවල්ද ?

      Delete
    4. Miso (みそ or 味噌) is a traditional Japanese seasoning. It is a thick paste produced by fermenting soybeans with salt and kōji (the fungus Aspergillus oryzae) and sometimes rice, barley, seaweed, or other ingredients. It is used for sauces and spreads, pickling vegetables, fish, or meats, and mixing with dashi soup stock to serve as miso soup, a Japanese culinary staple. Miso is high in protein and rich in vitamins and minerals, and it played an important nutritional role in feudal Japan. Miso is still widely used in both traditional and modern cooking in Japan and has been gaining worldwide interest.[1]

      Delete
    5. මම BBQ දාන කොට මීසෝ වලින් පදම් කරනවා lamb සහ චිකන් ඊට උඩින් ලුණු , රතු මිරිස් පප්රික කුඩු දානවා. වයිෆ් සුප් වලට දානවා

      Delete
    6. මීසෝ... පෝෂණයෙන් පිරි එකක්නේ.... ගොඩක් ම ස්තූතිය අයියේ මේ පැහැදිලි සටහනට.
      ජයවේවා !!!

      Delete
  8. කවි කතා, ආහාර වට්ටෝරු , කෑම හදන පිලිවෙල ඔක්කොම එකට කැටි කරලා. මරු වැඩක්.

    ReplyDelete
    Replies
    1. ආහ්. පැමිණීම සතුටක් අනුරුද්ධ .
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  9. ++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ප්‍රාජේ . කොහොම වැට බැන්දත් මේකෙ සුවඳනම් නවත්තන්න බෑ...😀
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  10. Replies
    1. පුරුදු වැට බිඳගෙන
      හදමු කෑමක් රස දෙන....
      ස්තූතිය ගොඩක් මයියා.
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...