( සර්ව ලඝු වූ සම විරිතකට කරන ලද නිර්මාණයක්....)
තිය තිය අඩිය ගිය ගිය පය සුවනැතිය
දියවිය සිහිය සිය ළය කය නිදිනැතිය
නියඟය ළඟය ප්‍රිය දියණිය තවනැතිය
සොය සොය දුකය මිය ගිය ඇය එනුනැතිය.....
වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා මලානික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා මුලා...
+++++++++
ReplyDeleteමොන වැට කඩුලු බැන්දත් මව් සෙනෙහස බිද දමන්න බැහැනේ.....
Deleteසුපුරුදු මිත්‍රයා පිලිගන්නවා නැවත් වරක්.... ස්තූතිය හදවතින්ම
ජයවේවා !!!
💔💐........
ReplyDeleteස්තූතිය හදවතිනම නමියා
Deleteජයවේවා ...
මේ පද පේලි හතර සුපිරියි, එහි යෙදෙන වචන රිපීට් වීම හරිම අලංකාරයි. ඒකට ගොඩාක් කැමැතියි.
ReplyDeleteස්තූතිය හදවතින්මමගල් මල්. නිර්මාණය රසවින්දානම් එය සතුටක්.
Deleteජයවේවා
මීට කලින් ද කීපවතාවක්ම ඔබේ අඩවියට ඇවිත් ෆලෝ කරන්න ගත් උත්සාහ ව්‍යාර්ථ වුනා; මොනවා හෝ ටෙක්නිකල් ඉෂූ එකක් නිසා වෙන්න ඕනේ. අද සාර්ථකයි! කවි ටික විඳින්න ආපසු එන්නම්, නිවාඩු පාඩුවේ. අඩවිය තව ටිකක් ලස්සන කරන්න පුලුවන්. ජය!
ReplyDeleteහදවතින්ම ස්තූතියි ගල්මල්. නිවාඩු පාඩුවෙ ඇවිත් කවි රස විඳින්න. කැමති තේමාවක් තිබ්බොත් කියන්න. කවියක් ලියන්න එයට හැකිවෙයි.
Deleteජයවේවා