Thursday 31 August 2023
දෙසිත් හමුවන සසර හුරුවට පිරූ පෙරුමන් පතුරලා.....
Saturday 26 August 2023
ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි ළදළූ.....
චන්ද්‍ර මඩල පරදන ඒ දිසි හසරැළි රුසිරූ
ඇන්ද සේල සළුපිළි දැක බහ දුන්නද කවුරූ
වින්ද පෙමින් ඉඟි මැරුවේ ලෙස සුරඟන පිළිරූ
මන්ද අසළ දැවටී යළි ඈතට යන අයුරූ
උසින් පවුරු මාළිඟාවෙ මල් සිත්තම් මැකුණූ
වෙසින් රකුසු වින කෙරුවද වෙන්නට පෙම බිඳුණූ
රසින් මත්ව ඔය බැල්මට ඉඟියෙන් මන පිරුණූ
ඇසින් පෙනෙන මානයෙමයි අප හදවත් රැඳුණූ
ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි ළදළූ
බරක සුසුම රඳවයි ලේ නහරද ඇට මිදුළූ
ඉමක නොවන ගංගාවක තනිකමමයි කඳුළූ
අතක දුරින් හැමදාමත් විඳින්න වෙද මුකුළූ.........
Saturday 19 August 2023
චේ... සේ.....
(චේ ගුවෙරා සේ නැගී සිටි සටන් කෙරූ නුඹ කෝ....? )
සඳ චන්දසට අයත් සිරි විරිතට නිර්මාණය කර ඇත.
Thursday 10 August 2023
Friday 4 August 2023
වහං වෙන්නට එපා සදහට සින්න වෙනු මට හුරතලී....
සුළං දහරට හාදු තවරන දුඹුරු පැහැගත් කෙහෙරැලී
නුවන් සුපිපෙන බැල්ම පියකරු සඳත් පරදන හසරැලී
පහන් දැල්ලක් විලස දිළිසී ළඟින් ඉන්නට සිතුවිලී
වහං වෙන්නට එපා සදහට සින්නවෙනු මට හුරතලී....
--- දුමී ---
කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
-
( ඳුවඟ ගී විරිතට කරනලද නිර්මාණයක් ) ඳුවඟ ගී විරිතට පද ගළපලා රසයට කඩ කෑම වස වෙනුවට අපි අග්ගල හදමු ගුණයට වැටෙන මේ වැස්සේ සීතලෙන් හිත ගැස්ස...
-
. . වටින් පිටින් වැහි අස්සේ නත්තල් සිරි සරුවේ හිමෙන් නැතත් සීතලෙන්ම මීදුම තව හැඩවේ රසින් රසය උතුරායන පදමට කවි මතුවේ ඉතින් හද...
-
( ජගතී ඡන්දසට අයත් භුජංගප්රයාත විරිතට අනුව කෙරූ නිර්මාණයක්. පාදයකට " ය " ගණ හතරකි. පාදාන්තයේ යතිය. ) සඳත් දැන් තැවිල්ලෙන් ...