Saturday 14 October 2023

සඳත් දැන් තැවිල්ලෙන් රැඳෙන්නේ වලාවේ .... ( ශනිදා දහය )

 


( ජගතී ඡන්දසට අයත් භුජංගප්‍රයාත විරිතට අනුව කෙරූ නිර්මාණයක්.  පාදයකට " ය " ගණ හතරකි. පාදාන්තයේ යතිය. )


සඳත්   දැන්  තැවිල්ලෙන්  රැඳෙන්නේ    වලාවේ

තරුත්  දුන්  හැඬිල්ලෙන්    කියන්නේ  කතාවේ

ළඟත්  උන්   නිදැල්ලෙන්   ඇදෙන්නේ   මුලාවේ

මමත්  රන්  කැදැල්ලෙන්  හොයන්නේ  ඔයාවේ


සදා   කල් සිනාවන්    තිබූදෙන්   පැතූවේ

එදා    කල්පනාවන්  නිසාවෙන්  හැඬූවේ

හදා    මල් රටාවන්   රැඳූ තැන් නොවූවේ

මෙදා සිල් වතාවන් මෙමා දැන්    පිරූවේ


සිතක්   සෝ  නොදේනම්  නොරිස්සුම්  නොවන්නම්

මලක්   කෝ    වැටේනම්      පරිස්සම්       කරන්නම්

දුරක්         ඕ     ඇදේනම්  වෙනස්කම්  නොදෙන්නම්

හෙටක් හෝ  නැතේනම්  දෙඇස් මම්        පියන්නම්


--- දුමී ---

( තට්ටයා සහ කොළොම්පුරේගේ ඉල්ලීම මත ශනිදා දහයට ඔන්න දුමී ගෙන් කවි පන්තියක්. ස්තූතියි. )

28 comments:

  1. මම මේකට කවියෙන්ම උත්තර දෙන්න ගියොත් උඹ මල්ලි කවි ලියන එක නතර කරණවා! (කරණ අපහාසේට ) ඒත් මොනවා උනත් "ශනිදා දහයට" අපි එක්ක අත්වැල් බැඳ ගත්තු එකට හෘදයාංගම ස්තූතිය! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටලුවක් නෑ අයියේ. කවින්ම ඕන එකක්. 😀
      දිගටම ලියන්න උත්සාහ කරන්නම්.
      ස්තූතිය ගොඩක්.
      ජයවේවා

      Delete
  2. මේකනං මරු දුමී...ආස හිතුනා..කරුමෙ කියන්නෙ මට ඔය සිරිත් විරිත් වලට කයි ලියන්න බැරි එකනෙ

    ReplyDelete
    Replies
    1. සිරිත් විරිත් පැත්තකින් තියලා ලියමු කවියක්. බැරි නැහැනෙ සඳූ.. ස්තූතිය ගොඩක් .
      ජයවේවා !!!!

      Delete
  3. ලස්සන කවක් රසවින්ඳා, බොහෝම ස්තුතියි දුමී.
    ශනිදා දහයට! දකින්න ලැබීම සතුටක්, ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ගල්මල්. අනිවාර්යයෙන්ම සතුටක් ඔබේ පැමිණීමත්.
      ජයවේවා !!!

      Delete
  4. දැන ඉගෙන විරිතක්
    ලියත හැකිය කවියක්
    කවියත් නියම අවියක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කොළොම්පුරේ. ස්තූතිය ගොඩක් මේ පැත්තෙ ආවට.
      ජයවේවා !!!

      Delete
  5. කවි හද ගැහෙනකොට
    කවි බස නැඟෙයි සිරසට
    සරසවිය එතකොට
    වඩියි කවි පන්හිඳේ තුඩග'ට

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම . ලස්සන කවියක් නිදී. ස්තූතිය හදවතිනම.
      ජයවේවා

      Delete
  6. මරැ!
    කවියකට පද හොයන එකම... මටනනං අසීරැ වැඩක්. ඒ අස්සෙ උඹ විරිත් වලින් ලියනව 😁

    ජය. දිගටම ලියමු ✌!

    ReplyDelete
    Replies
    1. මේකනේ නමියා. කැමැත්ත තියෙනවනම් බැරි නැහැ. උත්සාහ කරලා බලමු නේද ලියන්න කවියක්. විරිත් ගැන පස්සෙ ටිකටික කියල දෙන්න පුලුවන්.
      ස්තූතිය හදවතිනම.
      ජයවේවා !!!

      Delete
  7. අඩේ මෙකෙ Theme එක මාරැ කරපන්. නැහ්නං Html coding වලට ගිහිං... ෆෝන් වීව් එකේ කොමෙන්ට් සෙක්සන් වල කලර්ස් වෙනස් කරන්ට.
    මොබයිල් වර්සන් එකේ කමෙන්ට් සෙක්ෂන් එක හරියට පේන්නෙ නෑ දුමියෝ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මාත් ඕක දුමියට කියන්න හිටියේ.කමෙන්ට්ස් කියවන්න බෑ

      Delete
    2. හොදයි නමියා අදහස. මම මේ ලොකුවට කවි ලිව්වට තාක්ශනේ ගැන දැණුමනම් බින්දුවයි. උත්සාහ කරන්නම්.
      ජයවේවා

      Delete
    3. ඔව් සඳූ. ඒක හදන්න උත්සාහ කරන්නම්.
      ජයවේවා

      Delete
    4. ඔය තියෙන්නෙ ..මරු 👍

      Delete
    5. ස්තූතිය සඳූ
      ජයවේවා

      Delete
    6. ආන්න දැන් මරැ දුමී !

      Delete
    7. ස්තූතිය නමියා...
      ජයවේවා

      Delete
  8. දුමින්ද, ඇත්තටම සඳ ඊයෙ නං තැවිල්ලෙන් වෙන්ඩෑති හිටියේ.
    ඊයේ දවල් දොළහට එකට විතර සුර්ය ග්‍රහණයක් තිබ්බ මෙහෙ, අර ring of fire ටයිප් එකේ. බලන්ඩ සෙට් වෙලා හිටියේ මාත්.
    මොන, උදේ ඉඳම්ම වලාකුළු.
    ඉතිං දුමින්ද කියපු එක බොරුද?
    සඳත් දැන් තැවිල්ලෙන් රැඳුනනේ වලාවක්!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා හැට්ටරේ. සතුටක් මේ පැත්තේ ආවට. ඒකනේ කවිය ලියද්දි මට හිතුනා ඉර වැහෙයි කියලා😀.
      ස්තූතිය හදවතින්ම.
      ජයවේවා !!!

      Delete
  9. Replies
    1. වැට දැම්මත් කවි අදහස් නතර වෙන්නෙ නැහැනෙ අයියෙ. ස්තූතිය හදවතින්ම.
      ජයවේවා !!!

      Delete
  10. දුමී ඔබේ කවි හැම මාසෙම 20 වැනිදාට පෙර ලන්ඩන් කවියට යවන්න. https://londonkavi.com/contact/

    ReplyDelete
    Replies
    1. ස්තූතිය හදවතින්ම දැණුවත් කිරීමට. මට තව විස්‍තර ටිකක් දැනගන්නත් ඕන.
      ජයවේවා !!!

      Delete
  11. ඇවිත් කවි කියවලා යනවා. අපිට කවිනම් බෑ දුමී

    ReplyDelete
    Replies
    1. තිලක අයියා.. කවි නොලිව්වත් කියවනවනේ. ඒක වටිනවා. ස්තූතිය ගොඩක් .
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...