Saturday 28 October 2023

ගැඹුරු අරුතත් රුදුරු ගලකින් නෙලූ අරුමය හෙල කලාවේ..... ( ශනිදා දහයට )

 


ගැඹුරු අරුතත් රුදුරු ගලකින් නෙලූ අරුමය හෙල කලාවේ.....



දුඹුරු   පැහැගත්        සුමුදු පහසින්        දෙපා සුවමය    වැලි තලාවේ

පිඹුරු      පිටපත්  මනසෙ රැඳෙමින්        චන්ද්‍ර අර්ධය   මැවු වෙලාවේ

නැඹුරු  වන සිත්     දහම් අරණෙන්  නොයන බවමය   වෙත මුලාවේ

ගැඹුරු   අරුතත්      රුදුරු ගලකින්       නෙලූ අරුමය  හෙල කලාවේ



පළමු           කවයක  නොවන  සේ  මුදු  විසිර      රඟනව ගිණි   ලතාවන්

සිතමු  මොහොතක       විඳින    මී  බිඳු  සසර  දුක ලොව   සැදි   මනාවන්

දකිමු        එකිනෙක       දුවන    සී  සිඳු   අතර    ගජ ගව වෙති    රටාවන්

දනිමු           අරුතක    රැඳෙන  දේ  රුදු   සතර    බිය බව  දෙති   මුලාවන්



ඉරෙන්   පනදෙන  හැඩය  විහිදෙන    ලියවැලකි  නෙත  පැහැර     ගන්නා

බරෙන්  මිරිකෙන  භවය      විඳවන  ඉඟිපෙලකි     සිත    පැතිර    තණ්නා

කිරෙන්   දිය මැන  සතිය    හික්මුන    හසරැළකි   නැත     නතර   වෙන්නා

වැරෙන්  දිරිගෙන   අරිය     මග යන  පිළිවෙතකි    ඇත     නිතර   පෙන්නා



සිහින්   ලියවැල්  ඇලෙන හැඟුමන්  තුරන්     වී යන  හැඩය     තියලා

නිවන්  සිහිලැල්       රඳන    සියපත්  මලින්     පීදෙන    රසය     තවලා

දනන්  හැමකල්    ඇදෙන     පිංවත්   දමින්  නෑවෙන    සුවය  සොයලා 

බලන්  කළුගල්   මැවෙන    දසුනත් සිතින්  පේවෙන  බැතිය     වැඳලා......


--- දුමී ---

22 comments:

  1. හැමදාම වගේ දුමිගෙ සුපිරි කවි...නියමයි 👌

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ...
      ජයවේවා !!!

      Delete
  2. දුමින්ද, මගේ බිරින්දෑ නං කියන්නේ මට නං තියෙන්නෙ ගල් හිතක් කියලයි.
    එයාට දැන් කියන්ඩ ඕනේ 'බලන් කළුගල් මැවෙන දසුනත්' කොච්චර සුන්දරද කියල.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. බිරින්දෑවරු නොදනියි ඒ ගල් හිත අස්සේ ඔවුන්ට තිබෙන සෙනෙහස ආරක්ශාව කොපමණද කියා. ඒක තේරුම් ගත් දින මීට වඩා ලොව සොඳුරු වේවි.
      ඉතින් ස්තූතිය ගොඩක් හැට්ටරේ.

      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. රජ ඔටුණු පැළඳීමට තරම් හෙල කලාකරුවාගෙ කැටයම් කලාව වටිනවා බොහෝ...

      ස්තූතිය ගොඩක් ප්‍රා. ජේ.
      ජයවේවා !!!

      Delete
  4. කළුගලට පන දෙමින් සඳකඩපහන, එය වනන සවිස්තර කවිය අගේය. පද ගැලපුම බොහෝම අලංකාරයි දුමී, ජය!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් මේ දිරිය බොහො වටිනවා.
      ස්තූතිය ගොඩක් ගල්මල්
      ජයවේවා !!!

      Delete
  5. Replies
    1. ස්තූතිය ගොඩක් ප්‍රසන්න.
      ජයවේවා !!!

      Delete
  6. කවියෙන් කරන ලද රසවත් පැහැදිලි කිරීමක්. හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  7. මේ පර ගියහම දැක්කේ අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සඳකඩ පහනවල් වල නිමැවුම වෙනස් කියල

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. එහෙම වෙනස් වෙන තැන් තියෙනවා. සමහර නිර්මාණවල හින්දු ආගමනය නිසා ගව රූපය ඉවත්කකර තිබෙනවා. සහ හැඩයත් පොඩි වෙනසක් තියෙනවා. ඒත් සඳකඩපහණේ මූලික අංගයන් ටික ඇසුරුකරගෙනයි මේ කවි පන්තිය ලිව්වෙ.
      ස්තූතිය ගොඩක් අයියෙ.
      ජයවේවා !!!

      Delete
  8. ඔබ පසුකරමින් පිය නැගුවට හදුනනනා ලෙස
    මතක නැතිද පෙර අතීතේ ගලකින් නිමවුන
    හැම දින ඔබ මා හමුවුවට පන්සල අද්දර
    සඳකඩපහනයි මා සැම හදවත් තුටුකළ......

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. Wow. ලස්සන පදවැලකින් කොළොම්පුරේ ඇවිත්. සතුටුයි.
      ස්තූතිය ගොඩක් කොළොම්පූරේ...
      ජයවේවා !!!

      Delete
  9. "ඔයා ගේ හිත ගලක්"
    "නෑ අනේ ඒ උඩ සාක්කුවේ තියෙන සිගරට් පැකට් එක!"


    නයා පෙනේ කරණ කල; ගැරඬියා කැබිලිති කෑලි පොලොවේ ගසන්නාසේ කවි නොලියමි!
    .
    හැමදාව වගේම රසවත් කවි වැලක්!

    ReplyDelete
    Replies
    1. කවි නොලිව්වට ලස්සන කියමන් ලියනවානෙ😀
      බැරි නෑ අයියේ. ලියලා බලමු...
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete
  10. ඔබේ කවි නිතර කියවනවා වුනත් විරිතට කවි පිලිතුරු ලියන්නට අමාරු හින්ද මොකුත් නොලියා ඉන්නවා . ඉදිරියේදී වචනවලින් ලියන්නම්. ඔබේ කවි ලන්ඩන් කවියටත් , මුහුණු පොතේ කවි එකතු වලටත් යවන්න. එතකොට තවත් මාධ්‍ය දෙකක රසික පිරිසකට ඔබේ නිර්මාණ අගය කරන්න පුළුවන් . ඔබ කැමති නම් මේ දිගු දෙක ඔබට උදව්වක් වේවි . ඉදිරියේදී වෙනස් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔබ කැමති නම් ඔබේ කවි ඒ වැඩේට ගන්න පුළුවන්. https://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_30.html, https://ahasgawwenehalokaya.blogspot.com/2021/10/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දැනටමත් මුහුණු පොතේ කවි එකතු 20 කට පමණ එකතුවී කවි ලියනවා. ඉතින් මේ දැණුවත් කිරීම වටිනවා බොහොම.
      ඔබේ ඉදිරියේ කරන වෙනස් වැඩේටත් දායක වීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ පිළිබදව ඉදිරියේදී දැණුවත් කරනු ඇතැයි සිතනවා. එය මට සතුටක්.
      ඉතින් ස්තූතිය ගොඩක් ඔබට.
      ජයවේවා !!!

      Delete
  11. 'ගැඹු රු අරුතක් රුදුරු ගලකින් නෙලූ අරුමය හෙළ කලාවේ'
    සොඳුරු සිහිනය කලා කරුගේ සැබෑ වන විට හුද කලාවේ
    මියු රු හඬකින් සියොතු ගීතය සවන් දීමෙන් වැලි තලාවේ
    රුදු රු හදවත් වුවද තෙත් වේ වියැකි ගොස් මොහඳුරු මුලාවේ

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය.
      ස්තූතිය ගොඩක් ඔබට දයාවි තුමා..
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...