Saturday 11 November 2023

රස හොයන් ගියෙ හැර මට දියන් පිළිතුර.... කාව්‍ය චතුශ්කය ( ශනිදා රෑ දහයට V )

 



.

රඟ    බලන්     ඉඟ කර  නෙත හෙලන්     හිටි පෙර

රජ     කරන්    ලෙස ඉර        පෙම දරන් බොහො දුර

රති      දමින්   ගිණි සැර        විඳ දෙමින්       හිරිහැර

රස හොයන්  ගියෙ හැර         මට දියන්          පිළිතුර


.


අර්ථය :

නෙත් හෙලා ඉඟ, කර ආදී වත රූ රඟ බලා සිටි, මගේ ලෝකයේ හිරු ලෙස රජකරමින් සෙනෙහස පෙන්වමින් බොහෝ දුර ගිය, රති දම් විඳ විඳ එයම ගින්දරක් සේ හිරිහැර දෙමින්, අවසානයේ වෙනත් රසක් හොයමින් හැර ගියේ ඇයිදැයි මට පිළිතුරු දෙන්න .!!


සටහන : 

කාව්‍ය චතුශ්කය නම් වූ දුෂ්කර බන්ධන විශේෂයක්. 

ඔරලෝසු කටු කැරකෙන දිශාවට කියවිය යුතුයි.

සියළුම පේලිවල 1, 8 සහ 16 යන ස්ථානවල එකම අකුරක් තිබිය යුතු අතර එය අනිවාර්යයෙන්ම අපාය අක්ෂරයක් විය යුතුයි. 

තවද 4 සහ 12 යන ස්ථාන දෙකේද එකම අකුරක් විය යුතු අතර එය පේලි අතර වෙනස්විය හැකිය. එසේම ඒවා ලඝු, ගුරු, හලන්ත ගුරු  හෝ ප්ලූත හෝ විය හැකියි. 


--- දුමී ---


.

24 comments:

  1. අම්මට සිරි මේවනෙ යකෝ කවි කියන්නේ!?

    ReplyDelete
    Replies
    1. කවි නෙමෙයි කවි බන්ධන😀.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  2. ශාස්ත්‍රීය සටහනක් කියවන ගෞරවයෙන් කියෙව්වෙමි, hat-off. නැවත නැවත කියවා රසවිඳිය හැකි පදපෙලක්. බොහෝම ස්තුතියි සහෝ.

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් රසවිඳින්නේනම් එයයි ලොකුම සතුට.
      ස්තූතිය ගොඩක් ගල්මල්.
      ජයවේවා !!!

      Delete
  3. මේහ් ඔයාට බැරිද මට මෙහෙම කවි ලියන ක්ලාස් එකක් දාන්න 🤗

    ReplyDelete
    Replies
    1. දාමු දාමු සඳූ.... ගාස්තුවට මුදල් වෙනුවට කඩෙන් රහට තියෙන කෑම ටිකක රහ බලන්න පුලුවන් වෙයි කියලා හිතනවා.😀
      ස්තූතිය ගොඩක් සඳූ.
      ජයවේවා !!!

      Delete
  4. ඔබේ ඒ දුෂ්කර බන්ධනය කවිය රස විඳින අපි හැමෝම එක්කම බන්ධනය කරලා. එතරම් රහයි.
    ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. නිර්මාණය වින්ඳානම් එයම සතුටක්.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  5. ඔන්න දුමීගේ අලුත් බ්ලොගේ බලන්න ආවා. රහයි දුමී. සන්තෝෂයි, විෂය ගැන අවබෝධයෙන් පද ගලපන එක ගැන.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි පොකුරු වැහි. මමත් අවුරුදු 3ට වගෙ පස්සෙයි ලියන්නෙ.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  6. අඩිඩා!, මේක මරු.
    දුමී ළඟදීම කවි Sudoku එකකුත් ලියයි මහිතේ.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. Sudoku නමින් නොවුනත් ඒ හැඩේට සමාන කවි බන්ධන වර්ගයක් තියෙනවා. ඒක තාම උත්සාහ කරන ගමන් හැට්ටරේ.
      ස්තූතිය ගොඩක් ඔබට.
      ජයවේවා !!!

      Delete
    2. " sudoku කවි " මරු ඒ නමත්😀

      Delete
  7. Replies
    1. ස්තූතිය නවීන් ගොඩක් ඔබට.
      ජයවේවා !!!

      Delete
  8. සෑහෙන්න මහන්සි වෙලා පාටයි. විරිතට ලියන එක වගේම මේ වැඩෙත් හරි අමාරු බව අහල තියෙනවා. ඔබත් ලියෝනිත්
    ලියන නිර්මාණ රසවිදිනවා.ලියෝනි බොහොම සරලව ටිකක් කියල දුන්නා. මගේ කාර්ය බහුල කම හින්ද වැඩේ නැවතුනා. පුළුවන් නම් ඔබත් ලියෝනිත් එකතු වෙලා විරිත් ගැන අපි දන්නා කවි ඇසුරින් ලිපි පෙලක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර අමාරු දෙයක් මෙහෙම ලියන එක. ඒත් කවියට තියෙන පෙරේත කම නිසාම ලියවෙනවා. ඇත්තටම ලියෝනි සහෝදරියත් ලස්සනට ලියනවා.
      අනිවාර්යයෙන්ම අනුරුද්ද. මම ඔබේ යෝජනාවට කැමතී. මොකද කවියට ආස අයට පොඩි හරි දැණුමක් ලබා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ? මම කාලයක් මුහුනු පොතේ කවි පිටුවකටත් කවි පාඩම් සරලව කෙරුවා. ඉතින් අපි පටන් ගමු. ඔබම හොද විදිහක් යෝජනා කරන්න.
      ස්තූතිය ගොඩක් ඔබට.
      ජයවේවා !!!

      Delete
  9. ඔව් අයියේ. ඔන්න ඒ පැත්තටත් ගිහින් ආව. ලස්සනයි
    ස්තූතිය දැණුවත් කිරීමට.
    ජයවේවා !!!

    ReplyDelete
  10. අර ෆේස්බුක් එකේ දාල තිබ්බ පොඩි කවියත් අගෙයි. මේක ඒකෙ දිගුවක් වගේ.

    ReplyDelete
    Replies
    1. ආහ්. එහෙම හිතෙන්නත් පුලුවන් නේද අයියේ... ඊළඟ ශනිදා දහයට ඒ පොඩි කවිය බ්ලොග් එකේ තියෙයි.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  11. මෙවුන්දම අතරතුර ඈට වුනු හිරිහැර
    මදි නිසාවෙන් ඇය ගියේ ඔබ අතහැර
    ලබා ගන්නට වෙනතකින් නිතර හිරි හැර
    විඳින්නට තව තවත් හිරිහැරේ මිහිරම

    ReplyDelete
    Replies
    1. Wow. බැහැයි කියන කවි ඔය ලියවෙන්නෙ හැඩට.
      හරිම ලස්සනය.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  12. එලිසමය රැකලා වත් කවියක් ලියා ගන්න බැරි මට , මේ වගේ මොලේට සමනල ගැටේ වැටෙන ශ්‍රාස්ත්‍රීය කවියක් කියන්නෙ හිතා ගන්නවත් බැරි ලෙවල් එකක් ,,,ඔබට ජය - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බැරිම නැහැ මයියා. ටිකක් හුරු වෙමු ලියන්න. ඉතින් සතුටුයි ඔබේ පැමිණීම.
      ස්තූතිය ගොඩක් ඔබට මයියා.
      ජයවේවා

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...