Sunday 3 September 2023

කෝල සිනහව දෙසට ඉඟිබිඟි කරයි මීදුම් සල සලා


 

නීල පැහැයෙන් 

වියන් බඳිනා 

අහස් ගැබ මත රැඳි වලා


කෝල සිනහව 

දෙසට ඉඟිබිඟි 

කරයි මීදුම් සල සලා


මාල නැතිමුත් 

ළඟින් හිඳගෙන 

සුසුම සැනසුම් හෙල හෙලා


ආල කුසුමන් 

පිපෙයි මසිතේ 

ඔබේ නමටම හැඩ වෙලා....

4 comments:

  1. අහස් ගැබ ඇති සුදු වළා මීදුමක් ලෙස විසිරිලා

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබ තුමාට.
      ජයවේවා

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...