.
සොඳුරු වසන්තෙක පිපි ගී ලතාවේ
මියුරු නදින් හිත් පිබිදුණු වෙලාවේ
පවුරු සදිසි හෙළ සළකුණ කලාවේ
කවුරු නැතත් අද මම වෙමි මුලාවේ
සිර වුණු සුසුම් ගෙන ගී තනු සැදු විවිධ
හර බර ප්‍රශංසා අභිමන් විය නොමද
වෙර ගෙන රසික සිත් වෙනුවෙන් එය කළද
පෙර දින තිබූ ජන ආලය අද කොහෙද
තොරණ ගසා පිළිගත් තරුවකි මිණි සේ
පරණ වෙලා දැන් දිස්නය නෑ පෙර සේ
සරණ පතා නව අතු අල්ලන රිසි සේ
මරණ මගේ පද වැල් වැළපෙයි දුක සේ...
--- දුමී --