Saturday 27 January 2024

මරණ මගේ පද වැල් වැළපෙයි දුක සේ... ( ශනිදා රෑ දහයට XVI ).


 .

සොඳුරු වසන්තෙක පිපි ගී   ලතාවේ

මියුරු නදින් හිත් පිබිදුණු    වෙලාවේ

පවුරු සදිසි හෙළ සළකුණ   කලාවේ 

කවුරු නැතත් අද මම වෙමි  මුලාවේ


සිර වුණු සුසුම් ගෙන ගී තනු සැදු          විවිධ

හර බර ප්‍රශංසා අභිමන් විය              නොමද

වෙර ගෙන රසික සිත් වෙනුවෙන් එය  කළද

පෙර දින තිබූ ජන ආලය අද            කොහෙද



තොරණ ගසා පිළිගත් තරුවකි  මිණි සේ

පරණ වෙලා දැන් දිස්නය නෑ      පෙර සේ

සරණ පතා නව අතු අල්ලන         රිසි සේ

මරණ මගේ පද වැල් වැළපෙයි     දුක සේ...


--- දුමී --


20 comments:

  1. තොරණ ගසා පිළිගත් තරුවකි මිණි සේ
    පරණ වෙලා දැන් දිස්නය නෑ පෙර සේ
    හරිම අරුත් බර කියමනක්.
    සුපුරුදු පරිදි ලස්සන පදවැල්
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ලියෝනි.
      ජයවේවා !!!

      Delete
  2. Replies
    1. කොහොම වැට කඩුලු සීමා දැම්මත් නිර්මාණ කොපි කරනවා මයියා...
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  3. ඔව්, ශාරීරික මරණයට පෙර මෙවන් මරණ හිඟ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි Litseeker
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  4. කියවා ලියන්න ආයෙමත් එනවා!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ආයිත් එන්නෙ ඊළඟ පෝස්ට් එකට තමා..
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  5. Replies
    1. හ්ම්. ඒකනේ.
      ස්තූතිය ගොඩක් සඳූ.
      ජයවේවා !!!

      Delete
  6. පදවැල් මරණ මුලා කලාව අවසනාවට පැතිරෙනවා, ඒක කණගාටුදායක තත්වයක්.

    දිස්නෙ දුන් තරුව
    ලබන්නේ කවදද එළිය

    ReplyDelete
    Replies
    1. කලාවේ සිදුවෙන දේවල්නේ...
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  7. ලස්සන පද පෙලක්. වෙනස් දැක්මක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අනුරුද්ධ ඔබට
      ජයවේවා !!!

      Delete
  8. අපූරැයි!
    මේ විදියට දිගටම වෙනස් රසයන් දිදී කවි ලියන්න.

    එකපාරටම මතක් උනේ රත්න ශ්‍රී ලිව්ව 'කිරැල මුතු ලිහී' ගීයත් මතක් උනා 💔

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නමියා දෙන දිරිය හරි වටිනවා.
      උත්සාහ කරනවා ලියන්න.
      ස්තූතිය ගොඩක් නමියා.
      ජයවේවා !!!

      Delete
  9. මේ දේශපාලුවෙකුට වෙන දේ ගැන නේද ලියල තියෙන්නේ. කාලෝ අයන්තේ

    ReplyDelete
    Replies
    1. ආහ්. මම නොසිතුව පැත්තක්. එහෙම හිතන්නත් පුලුවන් .
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  10. දෙවෙනි පාර කියෙව්වම් හිතුනා කළා කරුවෙකු ගැන වත්ද කියල.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...