.
කියාගන්න බැරිව...
ආදරය හිතේ හිරකරගෙන...
හොඳම සමීපතමයන් විදිහට,
හොඳම යහලුවන් විදිහට...
හිත් දෙකක් ඇසුරු කිරීම මාරම දුකක්.
මොකද...
අපෙ හිත් දෙකම...
අපි දෙන්නගෙ...
ආදරේ කොච්චරක්ද කියළා දන්නවා.
අපි දෙන්නගේ...
සංසාරගත බැඳීම කොච්චරක්ද කියලා දන්නවා.
ඒත්...
ඒත්, ඒක කියන්නේ නැත්තේ...
කවදාවත් අපේ හිත් දෙකට...
එකතු වෙන්න බැරි බව දන්න නිසා.
ඒක ඔයත් දන්නවා කියළා මම හිතනවා...
පොඩි වෙලාවකට හරි...
දැක්කම දාලා යන්න බැරි හැඟීම කොච්චරක්ද...?
පොඩිම හරි ස්පර්ශයක්වත් නැතිව...
ජීවිතයේ...
මුහුණ දුන් දුක සැප...
වචනවලට පෙරලාගෙන...
කාලෙ ගතකරද්දී දැනෙන සැනසීම කොච්චරක්ද... ?
ඉතින්...
ඒ හැම දෙයක්ම හිතේ තියාගෙන...
හැමදාම හමුවෙන්න හීන මවාගෙන...
එහෙම නිතරම හමුවෙන්න බැරිවුණත්... හමුවෙන පුංචිම වෙලාවක පවා...
පුදුමාකාර සැනසිල්ලක්...
පුදුමාකාර සතුටක් විඳිමින්...
ජීවිතය ආදරෙන් ගෙවන එක...
කොච්චර නම් හදවතට බරක්ද...?
කොහොමද ඒ හැඟීම වචනයකට ගළපන්නෙ කියලා...
හිතාගන්නත් බැරි තරම්...
ඒ මොනා වුණත්...
අපිට ඒ පොඩි වෙලාවකට හරි...
හමුවෙන්න තැනක් තිබ්බා.
පොඩි වෙලාවකට හරි...
ඇවිදගෙන යන්න තැනක් තිබ්බා.
ඒ...
සදාතනික ප්‍රේමණීය සිහිවටනයක් වූ...
සෙංකඩගල පුරවරයයි...
අපිට අපිව උරුම නැතත්...
අපිට අපිව මුනගස්සපු...
ස්නේහයේ නගරය වූ...
මහනුවරයි...
මේ ලස්සන පුරවරයේ...
සංසාරෙ ඊළඟ බවයක හරි...
අපේ හිත්වලට...
ආශිර්වාදයක් ලැබෙයි මැණික.
එදාට...
මේ හිතේ වදදෙන දුක සතුට දෙකම...
කඳුළු වෙලා ඇස්වලින් ගලායන එකනම්...
නතර කරගන්න බැරි වෙයි...
පරිස්සමෙන් ඉන්න...!
ආදරෙයි මැණික...
--- දුමී ---
ඊලඟ භවයක් විශ්වාස කළත් නැතත් තිබුන නම් හොඳයි කියලා හිතෙන එක වෙලාවක්.
ReplyDeleteඅනිවාර්යයෙන්ම
Deleteස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
ලස්සනයි . ටිකක් දිග වැඩිද මන්දා . කවි කතාවක් වගේ ලියන්නත් තිබුනා.
ReplyDeleteඔව්. කවි කතාවක් ඉදිරියට බලමු අනුරුද්ද.
Deleteස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
කවදාවත් ලියල ඉවර කරන්න බැරි වෙන දුක සතුට එකට දැනෙන කතන්දර කොයි තරම් මේ ලෝකේ ඇතිද? සුන්දර සටහනක් දුමී.
ReplyDelete(පොකුරු වැහි)
අනිවාර්යයෙන්ම .
Deleteස්තූතිය ගොඩක් පොකුරු වැහි.
ජයවේවා !!!
වෙනස් විදියක් ඒකත් හොදා...
ReplyDeleteස්තූතිය ගොඩක් සඳූ ඔයාට.
Deleteජයවේවා !!!
ඒ වගෙ ගැඹුරු ආදරයක් කියන්නේ ජීවිත කාලෙම ජීවත් කරවන එකක්...සැබෑ ආදරය හොයන්නේ අයිතිකරගැනීමක් නෙවෙයි....සදාකාලික ජීවන හැගීමක් නේද...
ReplyDeleteඅනිවාර්යයෙන්ම මයියා... ලොකු වේදනාවක් ලොකු සතුටක් කියන දෙක අතරේ දෝලනය වෙවී ඉන්න සෙනෙහසක්. මොකද අතහරින්නත් බෑ. අල්ලගන්නත් බෑ.. ඉතින් ඒකත් සුන්දරයි.
Deleteස්තූතිය ගොඩක් මයියා.
ජයවේවා !!!