Saturday 13 January 2024

සොඳුරුයි සොඳුරියේ අද දින.....( ශනිදා රෑ දහයට XIV )

 .


.

දළුපත් ඇහැරෙන

හිරිගඩු නැටවෙන

පෙම් හිත් නැහැවෙන

සිසිලස කොහෙද මෙතරම් වෙන


සියොතුන් නලියන

රහසක් මුමුණන

නිසසල රජයන

සුළඟත් තාලයෙන් නැවතුන


හිරුමල හිනැහෙන

කොහෙදෝ සැඟවුණ

මීදුමකින් මන

හැඟුමන් හැඩදමා පුබුදින


උණුහුම තැවරෙන

සතුට දෝරෙ යන

ආලය වෑහෙන

සොඳුරුයි සොඳුරියේ අද දින.....


( මත්වල ගී විරිත )


--- දුමී ---

19 comments:

  1. විරිතට ම ගැලපෙන පෙළ ගැස්ම. හරිම අර්ථවත්.
    හැමදාමත් මෙහෙම වෙන්න පුළුවන් කමක් තිබුනා නම්.. නේද ?
    එහෙනම් කොයි තරම් සොඳුරු වෙයි යි ද ජීවිතය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම
      ස්තූතිය ගොඩක් ලියෝනි ඔබට
      ජයවේවා !!!

      Delete
  2. සොඳුරිය සොඳුරු වෙනකොට දිනයත් සොඳුරුයි වගේ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කාරණේ...
      ස්තූතිය ගොඩක් Litseeker ඔබට
      ජයවේවා !!!

      Delete
  3. කවිපෙල සොඳුරුයි සොඳුරිය තරම්, කොච්චර නම් කියනවා නම් කොමන්ටුවක් කොටනවා කියන එක පැත්තක තියලා නැවත නැවතත් පදපෙල කියවන්න හිත බල කරන තරමට සුන්දරයි.

    ජීවිතය සුන්දරයි, විටෙක මතකය විතරක්ම සුන්දරයි එහෙම වුනාම වත්මනට හීන් පොදක්, සුවඳක් දෙන්නේ සුන්දර මතක -- එයම නේද ලස්සන නිර්මාණවලට පණ දෙන්නේ.

    කවි පද අතර ලස්සන ගීතයක් මතුවෙනවා දුමී, මේ හරබර සොඳුරු සිතුවිලි වලට සාධාරණයක් වෙන්න ඕනේ, තවත් මට්ටමකට ඔසවන්න ඕනේ. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ගල්මල් ඔබට .
      උත්සාහ කරන්නම්.
      ජයවේවා !!!

      Delete
  4. හ්ම්ම්ම් සොඳුරිය කොතරම් සොඳුරුද...හරිම ගීතවත් පද පෙලක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ ඔබට .
      ජයවේවා !!!

      Delete
  5. ආසාවෙන් කියෙව්වේවේ ඔබෙ කවි පේලී
    ආයි ආයි කියවපු පද නොයෙක් උනී
    සොදුරු නැවුම් සිතුවිලි ගෙන ආ පේලී
    රසයි අරුත් බරයි, නෑ පල් හෑලී

    ReplyDelete
    Replies
    1. ලීවට මෙහෙම කවි පද ටික එක් කරලා
      ඒවට රසක් ආවද මට නෑ දැනිලා
      ආවට ඔබත් මේ පැත්තට දැන් දුවලා
      යායට පිපුණු මල් දෙමි ස්තූතිය කියලා....

      ආයුබෝවන් අපූරුමල්.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
    2. Apoorumal; ඔබගේ බ්ලොග් අඩවිය (අඩවි ); සඳකඩපහන සින්ඩියට එකතු කරණ්න.

      Delete
  6. Replies
    1. ස්තූතිය ප්‍රා. ජේ. පැමිණීම සතුටක්.
      ජයවේවා !!!

      Delete
  7. හරිම ලස්සන කවි පෙලක් මල්ලී!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  8. 👋 සොඳුරුයි කියවන්න කවි පෙළ

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete

  9. හරිම ලස්සනයි.... +++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් මයියා ඔබට.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...