Saturday 6 January 2024

දිරි ලබා දුන් දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා....( ශනිදා රෑ දහයට XIII)

 .

.
.
නුවන් සැනසෙයි දකින කෙත්වතු නීල පැහැ සළු අන්දනා
ගුවන් තළයෙන් දෙරණ සනහා වැටෙන වැහි සුව කැන්දනා 
පිනෙන් ඔබගේ ගමම පිබිදෙයි ගැමි සිරිය හැඩ ගන්වනා
එවන් තෙද ඇති දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා

කිරි මවගෙ ගැබ මෝරවා නිති වාසනාවන් කැන්දනා
සිරි රැඳුණු මල් පොකුරු අබියස බිඟුන් රාවය නංවනා
පිරි ජලය ඇති දොළක කඩිසර දණ්ඩි රැඟුමන් පෙන්වනා
දිරි ලබා දුන් දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා

බුලත් හුරුළු ගෙන මලින් පුදමින පැතුම් සිත් තුළ බන්දනා
දෙඅත් සිරසට තබා බැතියෙන් ඔබේ ගුණ සිහි ගන්වනා
හෙටත් ලොව වෙත කාරුණික වී වඩින තුරු දුක හංගනා
මහත් බල ඇති දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා

--- දුමී ---

19 comments:

  1. හැමදාමත් වගෙම රසවත් නිර්මානයක් දුමින්ද. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ලියෝනි ඔබට .
      ජයවේවා !!!

      Delete
  2. ලස්සනයි...රසවත් නිර්මාණයක්....

    - Mayya

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් මයියා ඔබට
      ජයවේවා !!!

      Delete
    2. මයියගෙ බ්ලොග් එක මොකද්ද ?

      Delete
  3. හොඳම හිරු වන්දනාව තමයි පරිසරය සුරැකීම.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  4. වෙනස් වෙනස් මානයන් වලට ගිහින් ඔයා මේ ලියන කවි හරිම රසවත්.හිරු වන්දනාව අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්ද හිරු නමස්කාරයෙන්ම පටන් ගන්න හිතුවා...
      ගොඩක් ස්තූතිය සඳූ...
      ජයවේවා !!!

      Delete
    2. ඇත්තමයි. වෙනස් තේමා යටතෙ ලියවෙන එක හරි අපූරැයි 👌. දිගටම මෙහෙම ඒවා අරං එන්ට දුමී!

      Delete
    3. අනිවාර්යයෙන්ම ලියනවා නමී.
      ස්තූතිය ගොඩක්
      ජයවේවා

      Delete
  5. හුම්, අලුත් තාලෙ සංදේස කාව්‍යක් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් නමීයා.
      ජයවේවා !!!

      Delete
  6. දුමී ඒ හිරු දෙවි නමස්කාරය ගැන දැනුනේ ගෞරවයක්. අගේ ඇති පදපෙල.
    පරණ පතපොතින් කියවූ ජන සමාජයේ සොබාදහම් වර්ණනා, වන්දනාමාන මතක් වුනේ පදපෙල කියවද්දි.

    ReplyDelete
    Replies
    1. අයියෙ. කවිය නැති වුනත් මම පුලුවන් හැම උදේකම හිරු වන්දනා කරනවා. ඉතින් හිතුනා කවියකින්ම ඒ නමස්කාරය ලියන්න. රසවින්දානම් සතුටක්.ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete
  7. https://en.wikipedia.org/wiki/List_of_solar_deities

    ReplyDelete
    Replies
    1. ම්.. වටිනා තොරතුරු රැසක් එතන තියෙනවා.
      ස්තූතිය ගොඩක් ප්‍රා. ජේ. ඔබට .
      ජයවේවා !!!

      Delete
  8. හිරු වැදීම මා කරනා දෙයක් නොවේ
    සූර්‍යනමස්කාර් (යෝගා) නම් කරමි උදේ
    මුල් කවියේ පෆ්හ ගැලපුම රස වින්දේ
    තළය නොවේ, තලය විය යුතුයි මට සිතුනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට , පැමිණීමටත් වැරදි පෙනවා දුන්නාටත්.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...