.
දැරු පැහැ නීල දඟකම් පෑ පුංචි නෙතූ
හුරු පිය රුවම සිහිකරවයි දුකක තතූ
සරු වූ ගැබට වැඩිදා සිට මගේ පුතූ
හිරු ළං වුණේ වෙන සඳකට තරුද සතූ
වෙනතක බැඳුණු දෙදෙනෙකු ලොව ළං කරමින්
දෙසිතක සතුට රන් මුදුවෙන් වෙන් කරමින්
කතරක දැවී සිටියදි නෙත් තුටු කරමින්
අඳුරක ආවෙ පුතු මගෙ ලොව එළි කරමින්
පිය ගුණ නිතර ඔය හදටත් දැනෙනවදෝ
තිය තිය අඩිය ඒ රූපෙම හොයනවදෝ
කිය කිය වරුණ තනියම දුක් විඳිනවදෝ
ජය ලද දිනක මා හැර දුර ඇදෙනවදෝ
මට නුඹ රජෙකි තනි වුණු ලොව කිරුළ නැතේ
පිට පිට නැගෙන බාධක පැරදුමයි සෙතේ
රට වට එතෙන මිනිසත්කම ඇතුව සිතේ
හෙට ලොව ජයෙන් නැගිටිනු මම ළඟයි පුතේ...
--- දුමී ---
අනේ හරිම ආදරණීය කවි පෙලක් මල්ලී!
ReplyDeleteස්තූතිය ගොඩක් අයියේ.
Deleteජයවේවා !!!
හරිම ලස්සන කවි පෙළක් දුමින්ද. ජීවිතය ජය ගන්න හිතාගෙන මොන දේ කලත් වැරදුන දිනකට ළඟ රැඳෙන්නේ අම්මා තාත්තා විතරමයි.
ReplyDeleteඅනිවාර්යයෙන්ම .
Deleteස්තූතිය ගොඩක් ඔබට ලියෝනි.
ජයවේවා !!!
හරිම ආදරණීය කවියක් දුමී
ReplyDeleteස්තූතිය ගොඩක් ඔබට ගල්මල්
Deleteජයවේවා !!!
අපූරු ගෙත්තමක්...දුකකුත් දැනුනා ඒක කියවද්දි.
ReplyDeleteම්ම්. ස්තූතිය ගොඩක් සඳූ...
Deleteජයවේවා !!!
ඒකපාක්ෂිකව හෝ නොබිඳී රැඳෙන බැඳීම්.
ReplyDeleteඔව්. අමිල වූ බැඳීම්.
Deleteස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
අඩේ ඒ කවි 💐💐💐
ReplyDeleteම්ම්. රසවින්දානම් සතුටක්.
Deleteස්තූතිය ගොඩක් ඉවාන්.
ජයවේවා !!!
දුමීතුමෝ. අපූරැයි 💓🌷
ReplyDeleteවිවිධ තේමාවලින් රස කවි ගෙත්තම් අපි වෙත ගේනවට... ටැංක්ස්!
නමී තුමා දිගටම එන නිසා ලියනෝ....
Deleteස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
පුත්තුම තුන් දෙනෙක් ඉන්න මට ජීවීත කාලෙම ටම හොද කවි ටිකක් දුමී
ReplyDeleteම්ම් එහෙනම් හොඳ පාඩමක්. ආයිත් තරු පිරි වෙන හඳක් මොකටද ඉතින්...
Deleteස්තූතිය ගොඩක් මයියා...
ජයවේවා !!!