Saturday 26 August 2023

ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි ළදළූ.....

 


චන්ද්‍ර මඩල පරදන ඒ දිසි හසරැළි               රුසිරූ

ඇන්ද සේල සළුපිළි දැක බහ දුන්නද          කවුරූ

වින්ද පෙමින් ඉඟි මැරුවේ ලෙස සුරඟන    පිළිරූ

මන්ද අසළ දැවටී යළි ඈතට යන                  අයුරූ


උසින් පවුරු මාළිඟාවෙ මල් සිත්තම්               මැකුණූ

වෙසින් රකුසු වින කෙරුවද වෙන්නට පෙම     බිඳුණූ

රසින් මත්ව ඔය බැල්මට ඉඟියෙන් මන          පිරුණූ

ඇසින් පෙනෙන මානයෙමයි අප හදවත්          රැඳුණූ


ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි        ළදළූ

බරක සුසුම රඳවයි ලේ නහරද ඇට           මිදුළූ

ඉමක නොවන ගංගාවක තනිකමමයි     කඳුළූ

අතක දුරින් හැමදාමත් විඳින්න වෙද       මුකුළූ.........


9 comments:

  1. පේන මානයෙනං වැඩේ ඩේන්ජර්. ඕෆ් රෝඩ් සංචාරෙක යනවානම්... සීට්බෙල්ට් දාගන්ට වෙයි 😁

    ReplyDelete
    Replies
    1. - නමියගෙ වීදිය

      Delete
    2. නම නැතුව ආවාම මම බැලුවා කවුද කියලා. ස්තූතිය ගොඩක් නමියා
      ජයවේවා !!!

      Delete
  2. උපමා රූපක හොඳින් ගැලපී ඇති නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ඔබට.
      ජයවේවා !!!

      Delete
  3. අපූරු කවි ටිකක්.👌

    ReplyDelete
    Replies
    1. හදවතිනම ස්තූතිය බස්සා.
      ජයවේවා

      Delete
  4. එළිසම පිහිටුවා මත් හෙම නොවරදවා
    නණලළ කෙරෙහි නොමඳව සැලකිලි යොදවා
    වදන් වර්ණයෙන් නෙක සිතුවම් අඳවා
    දෙන්නට හැකිය දුමිඳුට- ජය ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සංචාරයේ පැත්තට උදයේම වැදී
      දුන් මේ කවියෙ රසනම් මිල කලත් මදී
      දැන් ඔබෙ කලා හැකියාවට සතුට රැඳී
      පිං දෙමි තුතිය සමගින් මම මිතුරු නිදී...

      ජයවේවා

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...