Thursday, 31 August 2023

දෙසිත් හමුවන සසර හුරුවට පිරූ පෙරුමන් පතුරලා.....

 


හිරුත් තරිඳුත් 
අහස් වියනේ
අසිරි මල් වැහි තවරලා

වසත් සමයක 
සිසිල නහවයි 
සෙනෙහෙ හැඟුමන් අතුරලා

දෙසිත් හමුවන 
සසර හුරුවට 
පිරූ පෙරුමන් පතුරලා

අරුත් ගන්වමු 
සොඳුරු යුගදිවි 
මංගලම් ගී කොඳුරලා....

Saturday, 26 August 2023

ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි ළදළූ.....

 


චන්ද්‍ර මඩල පරදන ඒ දිසි හසරැළි               රුසිරූ

ඇන්ද සේල සළුපිළි දැක බහ දුන්නද          කවුරූ

වින්ද පෙමින් ඉඟි මැරුවේ ලෙස සුරඟන    පිළිරූ

මන්ද අසළ දැවටී යළි ඈතට යන                  අයුරූ


උසින් පවුරු මාළිඟාවෙ මල් සිත්තම්               මැකුණූ

වෙසින් රකුසු වින කෙරුවද වෙන්නට පෙම     බිඳුණූ

රසින් මත්ව ඔය බැල්මට ඉඟියෙන් මන          පිරුණූ

ඇසින් පෙනෙන මානයෙමයි අප හදවත්          රැඳුණූ


ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි        ළදළූ

බරක සුසුම රඳවයි ලේ නහරද ඇට           මිදුළූ

ඉමක නොවන ගංගාවක තනිකමමයි     කඳුළූ

අතක දුරින් හැමදාමත් විඳින්න වෙද       මුකුළූ.........


Saturday, 19 August 2023

චේ... සේ.....

 



චේ
සේ
කෑ
ගෑ

ලේ
පෑ
කෝ
තා...

(චේ ගුවෙරා සේ නැගී සිටි සටන් කෙරූ නුඹ කෝ....? )


සඳ චන්දසට අයත් සිරි විරිතට නිර්මාණය කර ඇත. 

Thursday, 10 August 2023

පියා නියා ඔයා තියා....

 


පියා

නියා

ඔයා

තියා


එයා

ගියා

ප්‍රියා

සොයා.....






Friday, 4 August 2023

වහං වෙන්නට එපා සදහට සින්න වෙනු මට හුරතලී....

 


සුළං දහරට හාදු තවරන දුඹුරු පැහැගත්    කෙහෙරැලී

නුවන් සුපිපෙන බැල්ම පියකරු සඳත් පරදන   හසරැලී

පහන් දැල්ලක් විලස දිළිසී ළඟින් ඉන්නට         සිතුවිලී

වහං වෙන්නට එපා සදහට සින්නවෙනු මට     හුරතලී....


--- දුමී ---




කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...