Saturday 15 June 2024

දැවෙන අඳුරේ නිදිවරන්නට තහංචිත් නෑ වටේ බැද්දෙන්...( ශනිදා රෑ දහයට XXXVI).

 .


.

බුදින අස්වනු වන සතා විත් 

                    උනුත් කුස ගිණි නිවා ගද්දෙන්

වැටෙන වැස්සට උමතු පොළොවෙන් 

                  නැවුම් සුවඳක් එකතු වෙද්දෙන්

කොටන අකුණුද පැරදුනාමයි 

                           උඹේ කෙඳිරිය ඊට සද්දෙන්

දැවෙන අඳුරේ නිදිවරන්නට 

                         තහංචිත් නෑ වටේ බැද්දෙන්....


--- දුමී ---

8 comments:

  1. Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ.
      ජයවේවා

      Delete
  2. ++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ප්‍රා.ජේ.
      ජයවේවා

      Delete
  3. වැඩිහිටියන්ට පමණයි

    ReplyDelete
    Replies
    1. අඳුරු කරේ ඒකයි 😀
      ස්තූතිය ගොඩක් ඉවාන්.
      ජයවේවා

      Delete
  4. වන සතුන්ටත් වාසියක් උනා එහෙනම්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete

උදුල සඳවත මේඝයන්ගෙන් මුවාකරගෙන තවත් කුමකට.... (ශනිදා රෑ දහයට XXXVII)

  . . වදුල   තුරු මත රඟන කුසුමක                    බිඟුන් මත්වෙයි පැහැය    සුවඳට මිදුල   පැහැදිලි වුවත් හැඩතල                  දැමූ නටඹුන් ප...