Saturday 22 June 2024

උදුල සඳවත මේඝයන්ගෙන් මුවාකරගෙන තවත් කුමකට.... (ශනිදා රෑ දහයට XXXVII)

 

.

.

වදුල   තුරු මත රඟන කුසුමක

                   බිඟුන් මත්වෙයි පැහැය    සුවඳට

මිදුල   පැහැදිලි වුවත් හැඩතල 

                දැමූ නටඹුන් පෙනෙයි    මෙලෙකට

කඳුල  පරදා සුසුම් සැනසුම්

              රතී දෙව් දුව සොයන     මොහොතට

උදුල     සඳවත මේඝයන්ගෙන්

                    මුවාකරගෙන තවත්     කුමකට....

 


                            --- දුමී ---


6 comments:

  1. වචන අතර සංචාරය අගෙයි.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා

      Delete
  2. //කඳුල පරදා සුසුම් සැනසුම්

    රතී දෙව් දුව සොයන මොහොතට

    ReplyDelete
    Replies
    1. හිත නතර වූ තැනද ?😀
      හදවතින්ම ස්තූතිය ගොඩක් අයියේ
      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. හදවතින්ම ස්තූතිය ප්‍රා. ජේ.
      ජයවේවා !!!

      Delete

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...