Saturday 8 June 2024

සඳු හිරු පවා මෙපුරට මල් අසිරි ඉසී... ( ශනිදා රෑ දහයට XXXV))

 .


.

.

සුදු   මීදුමක් සීතල හා පොකුරු        ගැසී

සිඳු   රළ විළස ඇතුගල මුදුනටම      බසී

සැදු  මෙත් බලය බුදු හිමිගේ නිතර   දිසී  

සඳු   හිරු පවා මෙපුරට මල් අසිරි     ඉසී...

.


බොදු  දන සේම හැම ආගම් හතුරු       නොවී

බඳු      රන් දමක් වී සමගිය සදයි               අවී

බිඳු      වැහි වැටේ හිරු එළියද සමව        මැවී

බුදු      හිමි පිනෙන් ඇතුගල්පුර ‍රැකෙයි   නිවී...


--- දුමී ---

4 comments:

  1. ලස්සනයි. මේ පාර එනකොට ඔය පිළිමය තියෙන හරියෙම තැනකින් ෆෘට් සැලඩ් කෑව . මට එවෙලේ හිතුන කොච්චර රස්නේද ඒ පිළිමෙට කියල.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අයියා කුරුණෑගල ඇවිත් ගිහින් නේද ?
      හදවතින්ම ස්තූතිය අයියේ
      ජයවේවා !!!

      Delete
  2. ලස්සනට ලියවිලා තියනවා. සෞන්දර්යය මැවිලා පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ඔබට
      ජයවේවා !!!

      Delete

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...