Saturday 24 February 2024

ලස්සන ඔය ඇස් දෙක ළඟ නිවෙනව මම මැණික... ( ශනිදා රෑ දහයට XX )

 .

.

දිස්වෙන      අග්ගිස්සක  අතු      පිබිදුව   මල්   ලෙසක

ගැස්සෙන  හිත අස්සක  තව තියෙනව   පෙම්   මතක

ලිස්සන   කවි  වැස්සක  සුව  දැනෙනව    හනි   හනික

ලස්සන  ඔය ඇස් දෙක  ළඟ  නිවෙනව  මම    මැණික...


--- දුමී ---

12 comments:

  1. Replies
    1. ස්තූතිය ගොඩක් අනුරුද්ධ ඔබට
      ජයවේවා !!!

      Delete
  2. කවි වැස්සෙන් එක බිංදුවයිනේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. එක බිංදුවයි. ඒක වටිනවා..
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  3. මේකනම් මේ ඇපෙන් බේරෙන්න වගේ මැණිකට ලියපු එකක් වගේ...හරි ටිකයිනෙ

    ReplyDelete
    Replies
    1. ආහ්. මේකනේ සඳූ... ඕනවට වඩා වරුණාව වැඩි වුනාම මැණිකෙ කොහෙ නතරවෙයිද දන්නෙ නැහැනෙ...😀
      ස්තූතිය ගොඩක් සඳූ..
      ජයවේවා !!!

      Delete
  4. ඇස් දෙක ගණන් එපා මැණික අහකට
    ඔය අයියා විශ්වාස නැත එපමණකට 😀

    ReplyDelete
    Replies
    1. ආහ්.. අන්න අන්න ... දැනගත්තා හොරේ..😂
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  5. තව පෝඩ්ඩෙන් මේක මිස් වෙනව!

    හුම්! නිවෙනවද, ඇවිලෙනවද... ඒ ඇස් ගාව කියලයි මං මේ කම්පනා කරේ 💓

    ReplyDelete
    Replies
    1. ඒකනේ අන්තිමට හරි දැක්කනේ.
      ඇවිලෙන ඇස් අතරේ නිවෙන ඇසුත් තියෙනවා
      ස්තූතිය ගොඩක් ඔබට නමියා.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...