Saturday 2 March 2024

කවුරු බැන්නත් කොළඹ අහසම ප්‍රේමණීයයි වාසනාවයි ..( ශනිදා රෑ දහයට XXI )


ඕලු කුසුමක සුවඳ විලවුන් දැනී මත්වෙන හැම වෙලාවක

නෑලු අමතක දෙදෙන එක්වී සිහින අමුණපු හැඩ රටාවක

පාලු තනිකම වෙලී ආවත් සුසුම කඳුළක දුක් කතාවක

ගාලු මුවදොර අසුන මතකද සෙනෙහෙ ගැළපූ පෙර සැඳෑවක


විසල් මන්දිර අතර මග දිග ඇවිද ගිය තැන් රූ මවාලයි

මුදල් මත්තෙම රැඳුණු ජීවිත පහසු නිදහස ගෙවු මනාවයි

දවල් උදයේ සේම රැයකද නොනිදි පුරවර  දුන් සිනාවයි

සිසිල් වන්නෙමි ආදරේ ළඟ හිරුද කොළඹට දුන් ඉනාවයි 


පවුරු මායිම් වැට කඩුලු නැත හිතක් ගිය තැන මාළිඟාවයි

සයුරු සුළඟේ නැගෙන තනුවෙන් දුක තුනී වෙන කාරණාවයි

නුහුරු නුපුරුදු වුවද අතහැර යන්න හිතුවත් වේදනාවයි

කවුරු බැන්නත් කොළඹ අහසම ප්‍රේමණීයයි වාසනාවයි ..


--- දුමී --

12 comments:

  1. ඇත්ත නේන්නම් කොළඹ කියන්නෙත් කවියක්...මේක හරිම ලස්සනයි දුමි

    ReplyDelete
    Replies
    1. ඒකනේ..... සඳූගේ " නුගේගොඩ කියන්නෙම " කවියත් ලස්සනයි ...
      ස්තූතිය ගොඩක් සඳූ...
      ජයවේවා !!!

      Delete
  2. ගාලු මුවදොර කියන්නේ ලංකාවේ ඩුබායි වගේ දැන්.... අහස සූරන මැදුරු....ලංකාව්ට එන සුද්දොත් කොර වෙලා යනවා ඒ පැත්තට ගියාම

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් මයියා ඔබට.
      ජයවේවා !!!

      Delete
  3. කොහොම තැනක් උනත් මතකය සුන්දර නම් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම .. ඒ වගේම ඒක සදාකාලික යි.
      ස්තූතිය ගොඩක් Litseeker.
      ජයවේවා !!!

      Delete
  4. කොළඹ මතක රොත්තක් තියෙනවා . දුමින්ද හිතන්නෙ නැති තේමා වලටත් කවි ලියනවා . නියමයි .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මතක රොත්තක් තියෙනවා...
      ඔව්. විවිධ තේමාවන් වගෙම වෙනස් තේමාවන් හොය හොය ලියන්න මම කැමතියි ..
      ස්තූතිය ගොඩක් ඔබට අනුරුද්ධ .
      ජයවේවා !!!

      Delete
  5. කොළඹ අහස තරම් කවි ඇසූ අහසක් වේ නම් ඒ නුවර අහසයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ... නුවර අහස කියන්නෙම මගෙ හිත නතරවී සැනසෙන විඳවන හෙවනක් ඉවාන්..
      ස්තූතිය ගොඩක් ඉවාන්. වෙලාවක මේක බලන්න.
      ජයවේවා !!!
      https://dumindasanchare.blogspot.com/2023/11/iv.html

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...