Saturday 1 June 2024

මැරුණු පෙම යළි ඉපදි ඉපදී දවන්නද අපෙ හමුව වූවේ... (ශනිදා රෑ දහයට XXXIV) .


 .

තුරුළු කරගෙන රැක බලන්නට 

                      පිපුණු පැතුමන් ඇතත් බෝමා 

කුරුළු සෙනෙහස දැණුනු දිනයෙම

                          හැඟුම් හිරකර මැවුණි සීමා 

පිරුළු ගළපා අරුත සෙව්වත් 

                      නමින් එකමයි ගොඩක් තේමා

කිරුළු රැඳුණත් අහිමි දුකටම 

                     පාළු දෙනුවර සොහොන් සේමා...



පිරුණු සඳවත ගුවනෙ සරමින් 

                       පොළෝ තලයට කඳුළු පෑවේ

කරුණු යෙදුනත් දැක බලන්නට

                          අයිති වනු බැරි රහස කීවේ

තුරුණු හැඟුමන් මතුව සැඟවෙන

                           හුදෙකලාවක සුසුම් රාවේ   

මැරුණු පෙම යළි ඉපදි ඉපදී 

                           දවන්නද අපෙ හමුව වූවේ...

  .


"96" තවත් එක් සිනමා නිර්මාණයක් වුවත් එය හදවතට මෙතරම් සමීප වූයේ ඇයිද කියන එක තාමත් හොයනවා...

--- දුමී ---

8 comments:

  1. පද ගැලපීම නම් ලස්සනට කරලා තියනවා. මොකද්ද ඔය සිනමා නිර්මාණය?

    ReplyDelete
    Replies
    1. "96" ද්‍රවිඩ සිනමා පටයක් . ඒකෙ අමුතු කලාවක් තිබුනා...ලස්සනයි
      හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  2. ලස්සන කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට අයියේ
      ජයවේවා !!!

      Delete
  3. කවිය නියමයි!

    ගොඩදෙනෙක් හොඳයි කීව හින්ද මාත් බාගතකරන් බැලුව 96. මටනම් ඒකෙ ඒහැටි දෙයක් නෑ. ප්ලොට් එක මරැ. ඒකෙන් කතාව ඔයිට වඩා ඩිවලොප් වෙලා ආවනම් කියල හිතුන!

    ReplyDelete
    Replies
    1. ඔව් නමියා. ඒක එක එක්කෙනාගේ රුචිකත්වයනේ. ඒත් මට ඒකෙ දර්ශනවල වෙනසක් දැනුනා. කලාවක් තිබුනා එතන.
      හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete

උමතු පේමෙගෙ සොහොනෙ තාමත් රෑට කවියක් හෙමින් ඇහෙනව.... ( ශනිදා රෑ දහයට XXXVIII)

 . . උමතු පේමෙගෙ සොහොනෙ තාමත් රෑට කවියක් හෙමින් ඇහෙනව.. . "මල් කැඩූ වැව" නමින් ඉස්සර                        හැඳින්වූ එක ගමක් තිබුණ...