Saturday 25 May 2024

බලන් වරුණ අටපට්ටම සදා බැතින්... ( ශනිදා රෑ දහයට XXXIII ).

 .


ඉරටු මිටක් හෝ බට අතු ගැට      ගහලා

දොරටු ගානෙ වෙසක් සිරිය හැඩ කරලා

සතුටු වෙමින් එහි ලස්සන කවි     හදලා

නොදුටු අරුත අටපට්ටමෙ දෙමි   ලියලා  


සිඳුර විලස උඩ යට ඇති පැති      අඳුරූ

නිතර දකින ඉපදුම මරණය      ඇතිරූ

පැතිර වටේ හතරැස් කොටු රූ  තැවරූ

හතර අරිය සත්‍යම පෙන්වයි      මිතුරූ


පෙන්නා හැඩය හරි අගේට මිමි       තියලා

ඉන් ත්‍රිකෝණ අටක් විලස ඇති        රැඳිලා

පින් පිරි අරිය අෂ්ඨංගික මග           මවලා

දැන් දැන ගමුද එහි අරුතද සිහි      කරලා


සිහින් රැළිද සැරසී සව් කොලය          මතින්

සුළං සැරට ළෙල දෙනවා හතර           අතින්

බියෙන් පිරුණු සසරම ඉන් පෙනෙයි  ඉතින්

බලන් වරුණ අටපට්ටම සදා             බැතින්..


--- දුමී ---

8 comments:

  1. සරල වින්දනයට ගැඹුරු අරුතක්!

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  2. වෙසකුත් දුමීගේ අකුරු හරබෙන් හැඩවෙලා.නියමයි

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට සඳූ.
      ජයවේවා !!!

      Delete
  3. කුඩා කළ සිටම තෙමඟුල සිහිකරලා
    වෙසක් කූඩු තැනුවෙමි බට ලී සොයලා
    දසක අටක් ගියමුත් දිවි මග ගෙවලා.
    සැරසිලි කළෙමි මෙවරත් හැඩ වැඩ තියලා

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක්.
      හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  4. Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ප්‍රා.ජේ.
      ජයවේවා !!!

      Delete

උමතු පේමෙගෙ සොහොනෙ තාමත් රෑට කවියක් හෙමින් ඇහෙනව.... ( ශනිදා රෑ දහයට XXXVIII)

 . . උමතු පේමෙගෙ සොහොනෙ තාමත් රෑට කවියක් හෙමින් ඇහෙනව.. . "මල් කැඩූ වැව" නමින් ඉස්සර                        හැඳින්වූ එක ගමක් තිබුණ...