Saturday 6 April 2024

ළඟට එද්දිම හුස්ම හිර වෙන මටත් තිබුණනෙ ප්‍රේමයක්....(ශනිදා රෑ දහයට XXVI)

 .



ඇහැට දකිනට නිතර හොය හොය 

                                        කඳුළු පිබිදූ කාලයක්

හිතට වදදී සිනහ තවරා 

                                      වචන මිමිණූ තාලයක් 

පනට පන සේ දුක සතුට දෙක 

                             බෙදාගත් බොහො වාරයක්

ළඟට එද්දිම හුස්ම හිර වෙන 

                              මටත් තිබුණනෙ ප්‍රේමයක්...

.


සොයා ආ දින පිපුණු මල මත 

                                රැඳුණෙ ලස්සන සායමක්

නොයා දුරකට රැදෙමි හිතුවට 

                                  උරුම වුනෙ දුක් පාඩමක්

එයා දැක්කම හිතම නිවිලා 

                            හැදුනෙ සෙනෙහස් පාලමක්

කියා ගන්නට හැඟුම් තිබිලත් 

                             ගොතන්නට බැහැ නෑකමක්

.


දුරින් හිටියත් ගෙවූ දිනයන් 

                                  මතක සැමරුම් කෝටියක්

ඔබෙන් ලැබුවෙමි කියා මිලකල 

                                    නොහැකි තරමේ ආලයක්

හිතින් ළංවී අතින් ගිළිහෙන 

                                       සබඳකම් පිරි ලෝකයක්

එවන් තැන අප මුණ ගැසීමත් 

                                       වාවගනු බැරි ශෝකයක්...


--- දුමී ---

4 comments:

  1. ඇඳට වී සිටියත් "කියෙව්වා" කියලවත් කොටන්න හිතුනා. ලිවීමට නොහැකි වීමත් දුකක්.

    ReplyDelete
    Replies
    1. අයි ඔබ අසනීපයකින්වත්ද ?
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  2. //එයා දැක්කම හිතම නිවිලා

    හැදුනෙ සෙනෙහස් පාලමක්//🌹

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අයියේ
      ජයවේවා !!!

      Delete

උඹ කවදද පණ විලසම මගෙ අසළින් දැවටෙන්නේ...( ශනිදා රෑ දහයට XXIX)

 . . . සිඹ අවටද එන සිසිලම               මඳ සුළඟින් පැතිරෙන්නේ තඹ පැහැයද ගෙන සුවයම              වැලි පලසින් මතුවෙන්නේ  සුබ පැතුමද දැන රහසෙම  ...