Saturday 23 March 2024

සොඳුරු නමින්නේ හිඳින්නේ ළඟම රැඳෙන්නේ.... ( ශනිදා රෑ දහයට XXIV )

 

.

දෙනෙත හෙළයිලූ   බලයිලූ    හිත සනසයිලූ

        අඩිය තියයිලූ   නටයිලූ     ඉඟ නළවයිලූ 

     සිනහ නඟයිලූ    රවයිලූ       එය කදිමයිලූ

        හදම තවයිලූ    දවයිලූ   නුඹ මගෙමයිලූ


   අඳුරු වෙමින්නේ    ගලන්නේ             සිසිල සැදෙන්නේ

මැදුරු නොවන්නේ   බෙදන්නේ            සතුට දැනෙන්නේ

    කිඳුරු රඟන්නේ   පිරෙන්නේ   සෙනෙහෙ මැවෙන්නේ 

 සොඳුරු නමින්නේ     හිඳින්නේ            ළඟම රැඳෙන්නේ


--- දුමී ---


තුරඟරඟ විරිත - තෙනෙත් චන්දස

12 comments:

  1. ළඟම රැඳෙන සොඳුරු, ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ගල්මල්.
      ජයවේවා !!!

      Delete
  2. තුරඟෙක් පිට යනවා වගේ ප්‍රේමයක්!

    ReplyDelete
    Replies
    1. තුරඟ ගමනක තාලයකට සමාන ඇති විරිත මේ නමින් හදුන්වන්නෙ...
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  3. ඒක සිංදුවකටනං මරු

    ReplyDelete
    Replies
    1. එහෙමද ? බලමු උත්සාහ කරලා .
      ස්තූතිය ගොඩක් ඉවාන්.
      ජයවේවා !!!

      Delete
  4. හදම තවයිලූ දවයිලූ නුඹ මගෙමයිලූ

    සිංදුවකට හොදයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අනුරුද්ධ .
      උත්සාහ කරලා බලන්නම්.
      ජයවේවා !!!

      Delete
  5. ඇත්තමයි මේක හරිම ගීතවත් දුමී...සිංදුවකට මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ...
      උත්සාහ කරලා බලන්නම්.
      ජයවේවා !!!

      Delete
  6. Replies
    1. වැට කඩුලු ඇතත් ආදරේ නොවෙනස්ව ඉදිරිටටම...
      ස්තූතිය ප්‍රා. ජේ.
      ජයවේවා !!!

      Delete

නමක් නැතිවූ සබඳකම් ගැන කියා දෙන්නේ අපට කවුරූ... (ශනිදා රෑ දහයට XXVIII ).

 . ළඟක නැතිමුත් නිතර නොදැකම                    සෙනෙහෙ ලියලයි විලස ළදළූ හිතක බරටම මතක් වනවිට                        රුවම සොයනව අවට මිදුළූ ගඟක...