Saturday 16 March 2024

ලබන භවයක රත්තරන් උඹ මගෙම වූවොත් ....... ....... !!! (ශනිදා රෑ දහයට XXIII )

 .

.

පැතිර හැම තැන හුදෙකලාවම පාළු බවකුත් හොඳින් දැනුණා 

අතර අහසත් දූලි පොලවත් බිංදු මල් වැහි හෙමින් වැටුණා 

නිතර නොදැකපු එහෙත් දිනයක නෙතට හුරුවූ රුවක් පෙනුණා

අතැර යන බව සිහිවුණානම් හමු නොවී අපි ඉන්න තිබුණා


හෙලන සුසුමක වැටෙන කඳුළක අයිතිකාරිය නමින් රැඳුණා 

රිදෙන තරමට නොරිද්දෙන්නට පපුවෙ උණුහුම වචන කෙරුණා 

දැවෙන මේ සිත නිවා සනහන මියුරු කවි පද නිතර ඇසුණා

පරණ වූ මුත් සොඳුරු මතකය තව තවත් දළු දමා වැඩුණා


දෙදෙන ආගිය පුරුදු තැන් ළඟ මලානික ඇස් නතර කෙරුණා 

රිදෙන මතකය වේදනාවන් දෙමින් පපුවේ බරට ඇනුණා

පරන පවකට අතරමගදී සෙනෙහෙ කුසුමන් පරව වැටුණා 

ලබන භවයක රත්තරන් උඹ මගෙම වූවොත් .......  .......  !!!


--- දුමී ---

22 comments:

  1. "පරණ වූ මුත් සොඳුරු මතකය තව තවත් දළු දමා වැඩුණා" නියමයි ❤️

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඉවාන්.
      ජයවේවා !!!

      Delete
  2. වේදනාබර සිතුවිළි නැවත නැවත පාරවාගනිමින් සතුටක් විඳින්නට මිනිසා කැමති ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහරවිට විරහ රහ, රස වැඩියෙන් දැනෙනවා ඇති..
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
    2. සාතිශය බහුතරේ ලැබුණු දේට වඩා නොලැබුණු දේ ගැන තැවෙන, දැවෙන ගතියෙන් නෙ ඉන්නෙ කියල.

      ඒක කලාවෙන් සන්තර්පණය කරගන්න මේ විදිහට අපි උත්සහ කරන නිසා වැඩි වැඩියෙන්... විරහ ගී, චිත්‍රපට වලට යොමුවෙනව, කියලයි මට හිතෙන්නෙ

      Delete
    3. ඒකත් හරි වගේ නමියා.

      Delete
  3. දුමින්ද ලස්සනයි . මාත් කැමතියි මේ පද ගැලපුමට " පරණ වූ මුත් සොඳුරු මතකය තව තවත් දළු දමා වැඩුණා"

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අනුරුද්ධ ඔබට
      ජයවේවා !!!

      Delete
  4. ප්‍රේමය, හිතවත්කම කිසිදා පැරණි නොවේ! වියපත් වන්නේ නැත!! ජීවිතය මියැදුනත් ඒවා සදා කාලික වෘථාන්ත ලෙස ලොවේ කොහේ හෝ සැරි සරාවි!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ..
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  5. පට්ට වේදනාවක් ඒක. අපි මේ සංවේගය දනවන දේට කැමති මොකද? වේදනාවත් 'සතුටක් ' නිසාද

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ගැටලු වම තිබ්බා. කොහොම අමතක කරන්න හිතුවත් වැඩිපුර ලියවෙන්නෙම විරහව. ඇත්තටම විරහ රහට මම ගොඩක් ආසයි අයියේ.
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete
  6. ලබන භවයක රත්තරන් උඹ මගෙම වූවොත් ....... ඒ බවේටත් කෙලවුනා

    ReplyDelete
    Replies
    1. හීහී...😀 මූඩ් එක එහෙම පිටින්ම වෙනස් වුනා....

      Delete
    2. මගේ බිරින්දෑ ලංකාවේ විරහ ගීත වලට හෙන අකැමතියි. අමරදේවගේ සින්දු කිහිපයකට කැමැතියි. ඔච්චර අඬා වැළපෙන්නේ මොකද කියල අහනවා. මම කිව්වා විරහව තමා සතුට කියල. 😀

      Delete
    3. ඒකනේ... මන්ද අයියේ විරහවේ ලොකු රහක් දැනෙනවා මටනම්.

      Delete
  7. සෝක රසේ දනවන නිර්මාණක්..
    නොකඩවා ශනිදා දහය අමතක නොකරනවට දුමීට සම්මානයක් දෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ආහ්. කවියට තියෙන ආසාව නිසාමයි ලියන්නෙ සඳූ...
      ස්තූතිය ගොඩක් ..
      ජයවේවා !!!

      Delete
  8. ලස්සන නිර්මාණය්ක් දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් මයියා.
      ජයවේවා !!!

      Delete
  9. වෙනද වගේම අපූරැයි 💔💓

    "අතහැරෙන බව සිහිවුණානම් හමු නොවී අපි ඉන්න තිබුණා" කියල කියන්ට මං කැමතියි... කිසි කෙනෙකුට බර පටවන්නෙ නැතුව හිට!

    ReplyDelete
    Replies
    1. ආහ්. ඒ යෙදුම නියමෙට ගැළපෙනවා නමියා..
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete

නමක් නැතිවූ සබඳකම් ගැන කියා දෙන්නේ අපට කවුරූ... (ශනිදා රෑ දහයට XXVIII ).

 . ළඟක නැතිමුත් නිතර නොදැකම                    සෙනෙහෙ ලියලයි විලස ළදළූ හිතක බරටම මතක් වනවිට                        රුවම සොයනව අවට මිදුළූ ගඟක...