.
රත් පැහැ සළුව ගිණියම් වත මත පටලා
මත් හිරු දෙවිඳු පෙරදිග අහසට වැඩලා
අත් වන ඉරණමක පෙර සළකුණු දැකලා
පත් නැති තුරු අරටු වැළපෙයි දුක කියලා
කිරි උතුරවා දෙවියන් ළඟ හිස නමලා
දිරි ගොවි රජුන් වැඩ අරඹයි දුක නොබලා
පිරි අරමුණක් හිත පතුලෙම සිර කරලා
ඉරි රැඳි පොළොව හිනැහෙයි සරදම් මවලා
අඳුරු වලා පාවී යයි නැහැ රැඳුණේ
පිදුරු ලෙසින් පැල ගොයමද පැහැ බැඳුණේ
රුදුරු සුළඟ සරු වී දිය බිඳු සිඳුණේ
සොඳුරු අනාගතයක පැතුමන් බිඳුණේ
ඇහි පිල්ලමක් යට කඳුළැලි නලියන්නේ
එහි තෙතනනය කෝ හදවත වැලපෙන්නේ
නැහි නැහි උපදිනා සුසුමන් වෙනුවෙන්නේ
වැහි දෙවිඳුනේ ඔබෙ කරුණා අයදින්නේ
--- දුමී ---
ගොවි දුක. සහතික ඇත්ත
ReplyDeleteඒකනේ අයියේ.
Deleteස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
වැස්ස අඩු උනත් වැඩි උනත් දුකම තමයි.
ReplyDeleteඅනිවාර්යයෙන්ම .
Deleteස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
ඔව් අප්පා මේ දවස්වල වැහි දෙයියා නැතුව හැමෝම අපහසුවෙන්
ReplyDeleteඒ ගැනනම් කියල වැඩක් නෑ.
Deleteස්තූතිය ගොඩක් සඳූ.
ජයවේවා !!!
මේ විදියෙ වෙනස් මාතෘකා ඔස්සෙ දූමී ලියන එක අගෙයි. ඊට වඩා අගෙයි... හරි අපූරැවට මේ කයි සුමටව පබඳිනවට !
ReplyDeleteම්ම් මේ ප්‍රතිචාර වටිනවා. රසවින්දානම් සතුටක්.
Deleteස්තූතිය ගොඩක් නමියා...
ජයවේවා !!!
අඩු උනත් අවුල්..වැඩි උනත් අවුල් වැස්ස.....ගොවියෙක්ගේ කථාව කවියේ හොදින්ම පේන්න තියනවා...
ReplyDeleteගානට තියෙන්න ඕන කෝකත්.
Deleteස්තූතිය ගොඩක් මයියා
ජයවේවා !!!
ඔබේ පද වැල් නුවර කලාවියේ දුක කියනවා.
ReplyDeleteස්තූතිය ගොඩක් අනුරුද්ධ
Deleteජයවේවා !!!
++++++++++++++++++++++
Deleteගොවියන්ට දුක විතරද උරුම?
ReplyDeleteඅලුත් තාක්ෂනෙත් එක්ක යන පරපුරටනම් මේක අදාල වෙන්බෙ නෑ.. ඒත් අපෙ රටේ බහුතරය කට දුක තමා ඉතින්.
Deleteස්තූතිය ගොඩක් ඉවාන්.
ජයවේවා !!!