Saturday 10 February 2024

සුවඳයි හැඩයි ගැළපුණු සුදු නෙලුම් මලක් ( ශනිදා රෑ දහයට XVIII )

 

.

සිහින් හඬින් ඔබ අමතන   කථාවට

හිතින් වසඟ විය සුන්දර      ලතාවට

මුවින් සුදට දිලිසෙන මුතු     මනාවට

මෙමන් සැනසුනා සුන්දර     හිනාවට


මතකයි සුන්දරයි සිහිවෙන විටදි       බිඳක්

සතුටුයි දරන්නට බෑ හදවතට       ගොඩක්

සත්තයි පළමු වර මා ඔබ දුටුවෙ        දිනක්

සුවඳයි හැඩයි ගැළපුණු සුදු නෙලුම්  මලක්


රැඳුණා සතුට ඔබ මා ළඟ ඉද්දි                  ගොඩක්

ලැබුණා වගෙයි කතරට මල් වැස්සෙ         පොදක්

බැඳුණා දෙසිත් ඉඟි බිඟියෙන් සෙනෙහෙ    බවක්

හඳුණා ගන්න තව කුමටද වෙනම                දිනක්...


--- දුමී ---

( සේයාරුව : මුහුණු පොතෙන්.)

15 comments:

  1. මොකද මේ! ආයේ කොලුවගේ හිත හිරි වැටිලා වගෙයි!?!?!?!?!?!

    ReplyDelete
    Replies
    1. හිත කොහොම වෙතත් හිතේ සිතුවිලිනම් එහෙම වේගෙන එනවා වගේ... 😀
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  2. රොමැන්ටික් හැඟීමක් ඇවිල්ලා වගේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්... නිර්මාණයක් කරද්දි ඒ ඒ විදිහට නිර්මාණකරුවත් ඉන්න වෙනවනේ...
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  3. හොදයි හොදයි ..අපූරු කවක් නොවැ..

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ.
      ජයවේවා !!!

      Delete
  4. ලස්සනම ලස්සන කවි ටිකක්..

    ආදරය පටන් ගන්න කොළු කාලයටම ගැලපෙන අදහස් ටිකක්...

    ඒ කාලේ වගේ ලියුම් ලිව්වා නම් ආදර ලියුමක ලියලාම යවන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම ලස්සන කාලයක් තිබුනා නේද ?
      ස්තූතිය ගොඩක් මායියා ඔබට .
      ජයවේවා !!!

      Delete
  5. Replies
    1. මේක සරලයි, සුගමයි. පංකාදුයි.
      දිගටම ලියන්න.
      ජයම වේවා ✌

      Delete
    2. නමියා... මිත්‍රයා .
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. වැටක් තිබුනත් හැඟුම් වළකනු බැරිය.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා

      Delete
  7. සෙනෙහසින් සුවඳ පිරුණ පදපෙලක්, හරිම අලංකාරයි දුමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ගල් මල් ඔබට
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...