Saturday 3 February 2024

කවි දිය බත් එක්කමයි - ප්‍රේමය නම් සොඳුරුමයි.... ( ශනිදා රෑ දහයට XVII ) .......

 

.

දවසක උදයේම

කවි දිය බත් තනියෙන්ම

හදලා හොඳ රසටම

කමුද අපිත් සතුටින්ම


ඉතිරි රෑ බත් ගෙන

කැට ගතිය පොඩි කරමින

බඳුනක් ගෙන දමමින

වැඩය අරඹමු නටමින


පොල් ටික ගාගනූ

ඉන් පසු එය මිරිකනූ

බත් බඳුන අරගනූ

කිරි ටික දැන් දා ගනූ


අමු මිරිස් කරලක්

නැතිනම් තව කිහිපයක්

කපා සිහින් හැඩයක්

දමමුකො ගන්නට සැරක්


රතු ළූණු අරගන්

සෝදා සුද්ද කරගන්

කපා ඊට දාගන්

කඳුළු එනවිට පිහදන්


වේලිච්ච මිරිස්ද

පුච්චා පොඩි කරමින්ද

දැමූ විට පෙනුමෙන්ද

හොඳටම ඇත රසයෙන්ද


පොඩිවෙන්නට තලා

උම්බලකඩ එක්කලා

වටේ දෙස බල බලා

කන්න හොරෙන් හිනැහිලා

 

දෙහි ගෙඩිය කපලා

යුෂ ටිකකුත් මිරිකලා

ලුණුද හැන්දෙන් හලා

රසය බලමු හැඩවෙලා


දිය බත්ද හදමින්

එහි ඇති රසය විඳිමින්

එයාටත් තව දෙමින්

කමුද දෙන්නා නටමින්


උදේ රස කෑමට

සැදිය හැකි හැම මොහොතට

කඩේ වසක් වෙනුවට

මෙන්න තිබ්බා මේසෙට


වැඩ අදික කෙරෙනා

කෑමද අතපසු වෙනා

බඩ දැවිල්ලට මනා

සුවයකි මින් ලැබදෙනා


මුදලද ඉතුරුමයි

කාලය රන් හා සමයි

දෙන්නාම අසළමයි

ප්‍රේමය නම් සොඳුරුමයි.....

14 comments:

  1. කවි රෙසෙපිය රසයි
    කටටත් කෙල උනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ගල්මල්.
      ජයවේවා !!!

      Delete
  2. ගිනියම තියෙනකොට
    කට කොන් පැලෙනවට
    ඔසුවකි හැබෑවට
    බොමු දියබත්ම පිට පිට

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම
      සිරුර සීතල කරන්න මරු කෑම එක.
      ස්තූතිය ගොඩක් නිදී.
      ජයවේවා !!!

      Delete
  3. ප්‍රේමණීය දියබත්...මරු මරු

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් සඳූ.
      ජයවේවා !!!

      Delete
  4. හුම්.. හුම්... දියබත්
    ගැස්ට්‍රයිටිස් විලට හොඳයි නේත

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම
      සිරුර සිසිල් කරනවා.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  5. දිය බත් ගැන අහල තියනව. තවම කාල නම් නැහැ. ඔය හදන විධිහද? එහෙනම් ට්‍රයි එකක් දෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අපි හදන්නෙ මෙහෙමයි. හරිම රසයි. ඒ වගෙම ගුණයි. උත්සාහ කරලා බලන්න අයියේ.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  6. දිය බත් කියලම හදාගෙන කාලා තියෙනවා...ඒත් ඒක එකපාරටම සෙට් උනේ නෑ..ඒත් මට හිතුන දෙයක් තමයි, ටිකක් එක දිගටම කන්න ගත්තොත්, ඒ විදිහට පුරුදු වෙන්න පුලුවන් වෙයි කියන එක...කොහොමත් ශරීර සෞඛ්‍යටත්..පසුම්බියටත් දෙකටම හොදයිනේ...

    දියබත් ගැන ලියැවෙච්චි පලවෙනි පද්‍ය රචනාව මේක වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. එකිනෙකාගෙ රස වෙනස්නෙ මයියා. සමහරවිට දෙහි යුෂයි පුච්චපු මිරිස් රසයි ටිකක් වැඩි කරල බැලුවොත් හරියයි...
      බඩ දැවිල්ලටනම් නියමයි...
      පළමු කවියද කියන්න දන්නෙ නෑ මයියා...

      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  7. හරි හැඩයි. ලංකාවෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයට දිය බත් හදන විදි කිහිපයක් ගැන අහලා තියෙනවා . ඒ විධි කිහිපයකම ඒවා කාලත් තියෙනවා. කවියෙන් කෑම වට්ටෝරු ලිවීමත් මරු.

    ReplyDelete
    Replies
    1. ඔව්. ක්‍රම කිහිපයකටම හදනවා කියලා මම අහලා තියෙනවා.
      ස්තූතිය ගොඩක් අනුරුද්ධ ඔබට.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...