Saturday 30 December 2023

පෙනෙන මානෙක හෝ හිඳීනම් සත්තමයි යළි හැරෙනවා.....( ශනිදා රෑ දහයට XII)


.

යනෙන මගතොට නිතර හමුවන පුරුදු තැන් ඇස   ගැටෙනවා

තිබෙන මතකෙක රැඳුණු සිනහව උමතුවක් වී        හොයනවා

සරණ සිතුවිළි සමග පොරබැඳ අතීතයටම                    දුවනවා

පෙනෙන මානෙක හෝ හිඳීනම් සත්තමයි යළි          හැරෙනවා....


--- දුමී ---

18 comments:


  1. පුරුද්දට වගෙ නතර වී මඟ
    සියක් පාරක් බලනවා
    එදා ළඟ උන් සුවඳ තමත්
    හදේ ගැඹුරෙම තියෙනවා

    ආයෙමත් එක වතාවක් හරි
    තුරුළු වෙන්නට හිතෙනවා
    පෙනෙන නොපෙනෙන දුරට වී
    මං තවම සෙනෙහස රකිනවා...

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙම කවි එළ. ඇඟෙන් එන්නේ ඇඟෙන්

      Delete
    2. ස්තූතිය ගොඩක් සඳූ. ලස්සනයි ඒ නිර්මාණය .
      ජයවේවා !!!

      Delete
    3. ස්තූතිය ගොඩක් අජිත් අයියේ.
      ජයවේවා !!!

      Delete
  2. මේකත් කියවලා බලන්නකෝ. https://www.blogger.com/u/1/blog/post/edit/3624808347740983580/3852593267152611340

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම . වෙලාවක් අරන් කියවලා බලන්නම්.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  3. පේන මානෙක නැත්තෙ හැරෙන බව දන්නා නිසා වෙන්න ඇති. ලස්සනයි කවිය දුමී.

    ReplyDelete
    Replies
    1. එහෙමද ?
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  4. ඉතා අනර්ඝයි...


    කවි පිලිතුරු දෙන්න බෑ නේ ඉතින්...

    - Mayya

    ReplyDelete
    Replies
    1. බැරි නෑ. උත්සාහ කරමු.
      ස්තූතිය ගොඩක් මායියා.
      ජයවේවා !!!

      Delete

  5. යලි යලිත් හාද පාරගනු බෑ නොපෙනෙනා සේ හිඳිනවා.

    හරිම ලස්සනයි හැඟුම් බරයි දුමින්ද.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ලියෝනි ඔබට .
      ජයවේවා !!!

      Delete
  6. හම්. අතීතයටම හිත දුවනව... තමා 💔💓

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් නමියා.
      ජයවේවා !!!

      Delete
  7. ඉඳ හිට ගම රට ආවම
    සුවඳ මතක මගතොට තවම දැනෙනවා
    මග දෙපසට බෙදා වෙන්කර තුංමං හන්දිය
    මුණ ගැහෙනවා
    නොගෙන බැරි වංගුව වරුවෙන් ගන්නවා

    (පසුගිය ඉරිදා දාපු කොමන්ටුව මිසිං නෙහ්)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි අයියේ මේ අදහස.
      කමෙන්ට් එකක් දැක්කෙ නැහැනෙ මම . මීට කලිනුත් කීප දෙනෙක් කිව්වා දාපු කමෙන්ට්ස් නෑකියලා.
      ස්තූතිය ගොඩක්
      ජයවේවා

      Delete
    2. නැහැ දුමී, ඒක අපේ පාලනයෙන් තොරව ඇතිවෙන තත්වයක්. කොමන්ටුව දාලා පබ්ලිෂ් කරද්දි පබ්ලිෂිං කියලා පෙන්නුවත් අන්තිමේදි එරර් එකක් දෙන මුත් බොහෝ විට අපිට ඒය නොදැනෙන්න පුලුවන්. බ්ලොගර් එකේ වෙන ඇබැද්දියක්.

      Delete
    3. එහෙම වෙන්න ඇති.
      ස්තූතිය දැණුවත් කිරීමට.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...