Saturday 4 November 2023

එන්න මොහොතක් නුවර හෙවනට අපට හුරු තැන හිස්ව තිබුණා....... ( ශනිදා රෑ දහයට IV )


 

විසිර ඇති තරු කැකුළු අතරේ සඳක් පියකරු නෙතට ගැටුණා

වසර ගණනක් ගෙවී ගියමුත් අදත් ඒ රුව ළඟම තිබුණා

කවර හේතුද කියන්නට බැහැ සසර හුරුබව තදට දැනුණා

නුවර අහසක ගෙතුණ සිතුවිලි සත්තමයි හිත පතුළෙ රැඳුණා



අව්ව වැස්සද නොදැනුණාමයි ඇවිද ගිය දුර මදියි සිතුණා

වැව් දියේ රැළි වලාකුළු බැමි අතර කොතෙකුත් මතක රැඳුණා

ගෙව්ව දිනයන් හිතම සනසයි එහෙත් කරුණක් බරට දැනුණා

කව්ද අපි අපෙ සබඳකම් ගැන කියා ගන්නට වචන නොවුණා



වෙන්වෙනා බව නුදුරු දිනයක සිහිකරද්දී කදුළු පිරුණා

ළංව හිඳිනට හිතාගත්තද උරුම නැති බව නිතර දැනුණා

යන්න පෙර දුර පුරුදු සෙනෙහස විඳින්නට යළි වරක් සිතුණා

එන්න මොහොතක් නුවර හෙවනට අපට හුරු තැන හිස්ව තිබුණා.......


--- දුමී ----

14 comments:

  1. ඔයාගේ දූරකථන නොම්මරේ මම මගේ ෆෝන් එකේ රඳවාගෙන තියෙන්නේ - "කවි ලියන දුමී" කියලයි.
    බලන්න ඒ යෙදුම මොනතරම් සාධාරණද කියලා!

    ReplyDelete
    Replies
    1. " කවි දුමී " නම මට දුන්නෙ මේ බ්ලොග් සහෝදර සහෝදරියොම තමයි. ඉතින් ලියන කවි රසවිඳින්න හැකි මට්ටමක තියෙනවනම් ඒක සතුටක් අයියේ.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  2. Replies
    1. කාලෙකින් නවීන් ඇවිත්.
      ස්තූතිය ගොඩක් නවීන්.
      ජයවේවා !!!

      Delete
  3. හරිම ලස්සනයි ඒ කවි සංකල්පනාව. මේ කවිය දැක්කොත් නම් එයා කොහොමහරි එයි. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව්. වචන නැතත් ඒ සබඳකම් සදාකාලිකයි. අනිවාර්යයෙන්ම .
      ස්තූතිය ගොඩක් ඔබට .
      ජයවේවා !!

      Delete
  4. අඩේහ් ඒක..පිපිතුරු කවියක් ලියන්ටම ඕනේ වගේ දැනෙන එකක්.ඒත් දැන් බෑ දිවා රෑ ඕඩර්ස් මේ ටිකේ බිසී අප්පා.

    ReplyDelete
    Replies
    1. සතුටු කරුණු දෙකයි. එකක් පිළිතුරු කවියක් ලියන්න හිතපු එක. අනික මේ දවස්වල බිස්නස් වැඩි එක. 😀
      ඉතින් ස්තූතිය ගොඩක් සඳූ...
      ජයවේවා !!!

      Delete
  5. හිමි නැතත් සුන්දර මතක හිතට සුවඳක්...
    අගෙයි, ලස්සන පදපෙල.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හිමි නැති බව දැන දැනම හිත ඇදෙන්නේනස සර පුරුද්දක්ද මන්දා..
      ස්තූතිය ගොඩක් ගල්මල්.
      ජයවේවා !!!

      Delete
  6. ඇත්ත ක්යපම්... උඹ කෙල්ලෞ කීයක් මේම කවි ලියල දාගත්තද දුමී 😁

    ReplyDelete
    Replies
    1. නමී නමී නමියා...පරණ කොල හැලෙද්දී අලුතින් දලු දානවානේ ගහක...ඒවා එහෙම ප්‍රසිද්දියේ අහන එක හොඳ ද මන්දා...😀 මම මෙහෙම කියන්නම්කෝ... " නුවර කියන්නෙ සදාකාලිකම ප්‍රේම නගරයක්"...🌹
      එහෙනම් ස්තූතිය ගොඩක් නමියා....
      ජයවේවා !!!

      Delete
  7. හන්තාන කඳු පෙලම මීදුමක ගිලීලා,
    වැව් බැම්මෙ පෙම් කෙලපු කොකුන් පියඹා ගිහින්..
    හවස තේවා මුරේ හඬ ඇසෙන මානයේ,
    ඇස් පියාගත්වනම අතීතයෙ ගිලෙන්නෙමි..

    බොහොම අපූරුයි මලේ..බොහොමත්ම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි අදහස. ඒ වගෙම ගොඩක් සතුටුයි නැවතත් දකින්න ලැබීම ගැන.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...