Saturday 25 November 2023

තැනක් ඉඩක් අදාළමද ඇවිළෙන්නට ගිණී.... ( ශනිදා රෑ දහයට VII )

.



 .

වසක්   රසක් හෝ ආපිට හැඟුමන් ගත      දැනී

වරක් දෙකක් නොව නිතරම සතුටට නතු  වුණී

බියක් සැකක් වලලාගෙන හැම දෙනාම      පනී

තැනක් ඉඩක් අදාළමද ඇවිළෙන්නට          ගිණී

.


සිසිල් වෙමින් සැනසෙන්නට ආවත් සුව     දැනී

ඇසිල්ලකින් ඇවිළෙනවා නවතනු බැරි     ගිණී

දුසිල් ලෙසින් අනුනට කිව් සුදනුන් වැනි    වැනී

විසිල් දෙමින් බල්ටි ගසා වැට කඩුලුත්       පනී

.


ඇති වී නැති වෙන බවනම් සොබාදහම      දනී

සති යහපත් කරගත්තත් යටි හිත පිමි       පනී

ගති දුරලනු බැහැ කැරකී එයි ආශා            පැනී

හති වැටෙනා තුරු පිච්චෙන සැපතක්මද   ගිණී....


--- දුමී ---

22 comments:

  1. දැනෙනව මේ කියන්නේ ගැන රාග ගිනී... - Mayya - http://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව්නේ...
      ස්තූතිය ගොඩක් මයියා.
      ජයවේවා !!!

      Delete
  2. Replies
    1. ස්තූතිය ගොඩක් නවීන්.
      ජයවේවා !!!

      Delete
  3. ඒ කියපු ටික නම් සහතික ඇත්ත..
    ලස්සන නිර්මාණයක්. ජය ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  4. හ්ම්ම් ඇත්ත නේන්නම්...මට මේ පාර ශනිදා දහය මිස් උනානේ ට්‍රිප් එකක් ගිහින් ඉන්න නිසා

    ReplyDelete
    Replies
    1. ම්ම්. ඒකනේ මාත් බැලුවේ කෝ කියලා..
      ස්තූතිය ගොඩක් සඳූ.
      ජයවේවා !!!

      Delete
  5. Replies
    1. බලාගෙන පිච්චෙයි.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  6. ලස්සනයි. මල්ලි අන්තිම කවියේ ගණ පිහිටලා නැහැ වගේනේ. තාලය එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ම්ම්... මත් සම කරලා තියෙන්නෙ අයියේ. මේ කවි තුනේම මත් 21 ගානෙ තියෙනවා.තාලෙත් එනවා නේද ? බලන්න ආයිත් කියවලා..
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete

  7. විදු තේරුමක් දෙන්නට ‘ගිනිසිළු’ වලට
    නැඹුරුව හොඳයි ‘බන්සන්’ ගිනිදැළි වෙතට
    එහි ‘කහ දැල්ල’ නම් දැලි මිස නැත සැරට
    එනමුත් ‘නිල් දැල්ල’ විසකුරු වෙයි ගතට

    ReplyDelete
    Replies
    1. අර්ථය දෙන්න පෙනෙනා දෙයකටම එහා
      වර්තන වෙලා බන්සන් දැල්ලකට බහා
      කර්මය ලැබෙයි පිච්චෙද්දී සැරට වහා
      නිර්නය හොදය ඔබගේ කවි රසය හහා....

      Wow. මේක සුපිරිම අලුත්ම විදිහකට හිතන්න පුලුවන් පැත්තක් මට හිතන්න තියපු ලස්සන පිලිතුරක්.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  8. ++++++++++++++++++++++++++++++++++
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. වැට කඩුළු, බාධක අදාළම නැත... වහා ඇවිළෙන සුළුයි ගින්න..😀
      ස්තූතිය ගොඩක් අසංක.
      ජයවේවා !!!

      Delete
  9. දුමී ප්‍රේමය රාගය හොදට රහ කරනවා . නියමයි . දෙවැනි කොටස ගැන ආයෙත් හිතුවනම් තවත් ප්‍රබල කරන්න තිබුනා කියල හිතෙනවා. නියමයි ඔහොම යං . සිංදුවක් කරන්න බලන්න .

    ReplyDelete
    Replies
    1. ඔය අදහස් සහ ප්‍රතිචාර මට ගොඩක් වට්නනවා අනුරුද්ධ. එක සින්දුවක් අවුරුදු ගානකට කලින් කෙරුවා ආසාවට. ඒ කාලෙ ලොකු දැණුමක් තිබ්බෙ නෑ. බලමු ආයිත් අදහසක් තියෙනවා කරන්න.
      ස්තූතිය ගොඩක් ඔබට .
      ජයවේවා !!!

      Delete
    2. දුමී මේ පදවැල් ගී ලියමු ගේය පද සංචිතයට යවන්න. https://geeliyamu.blogspot.com/, GeeLiyamu@gmail.com

      Delete
    3. ඔව්. මේ දැන්ම එම් බ්ලොග් එකට ගිහින් email එකක් යැව්වා.
      ස්තූතිය ගොඩක් ඔබට මේ දැණුවත් කිරීමට.
      ජයවේවා !!!

      Delete
  10. කාලෙකින් ඔයාගෙ කවි කියෙව්වේ. අපූරුයි. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව්. කාලෙකට පස්සෙනේ මමත් ලියන්න ගත්තෙ. සතුටක් පැමිණීම මිතිල.
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...