Wednesday 29 November 2023

ඒ හින්දා මගෙ මැණික ඔයා.... හිනාවෙලාම ඉන්න.....

 . 


මම යනවා. 

යන්නම යනවා. 

මේ හුස්ම තව ටිකකින් නතර වුණාම...

ආයෙත් නොඑන්නම යනවා.. 

මම දන්නවා මැණික...

ඔයාට ඒක දරාගන්නබැරි බව..

ඒත්..

ඒත් කවදාක හරි අපිට යන්නම වෙනවා....

ඒ ඇත්තට මුහුණ දෙන්න වෙනවා...

ඉතින්....

ඔය ලස්සන ඇස් දෙකට 

උණු කඳුළුනම් ගැළපෙන්නෙ නෑ..

අවසාන මොහොතටත් මට ඕනෙ...

ඔයාගෙ ඒ ලස්සන හිනාව දැකලම යන්න...

ඒ හින්දා ....

මගෙ මැණික 

ඔයා 

හිනාවෙලාම ඉන්න.....


--- දුමී ---

24 comments:

  1. ආදරේ කියන්නේ මේ වගේ හැඟීමක් තමා..... Mayya

    ReplyDelete
    Replies
    1. ඒකනේ මයියා...
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete
  2. මල් සිනහා ඇගේ
    ඇයි එතරම් අගේ😁

    ReplyDelete
    Replies
    1. හදේ සෙනෙහෙ අගේ
      සසර හුරුම වගේ.....
      ඒකයි ඒ...
      ස්තූතිය ගොඩක් නවීන්.
      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. අනිවාර්යයෙන්ම. ඉපදීමක කෙළවර මරණයනේ...
      ස්තූතිය ගොඩක් මිතිල.
      ජයවේවා !!!

      Delete
  4. යනවානම් යන්න මං අරන්
    යන තැනකට යන්න රත්තරන්
    කියල නන්ද මාලිනිත් කියල තියනව

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒත් අවසන් ගමනට එක්කන් යන්න බැහැනෙ ඉතින්..
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  5. ++++++++++++++++++++
    Kolompure - Asanga

    ReplyDelete
    Replies
    1. වැට කඩුළු දැමුවත් වේලාව ආවම දාලා යන්න වෙනවා...
      ස්තූතිය ගොඩක් අසංග.
      ජයවේවා !!!

      Delete
  6. යථාර්තය එයයි, නමුත් අමාරුම කාරිය එය නොවෙද.
    ලස්සන කවි සංකල්පනාවක්, ජය!

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් ඒ තත්වයට හුරුවුනොත් වටිනවා.

      ස්තූතිය ගොඩක් ගල්මල්.
      ජයවේවා !!!

      Delete
  7. දුමී මේ බ්ලොග් එක ෆලෝ කරනවා. ඒත් මගේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නෙ නැහැ. මොකක් හරි ප්‍රශ්ණයක්

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති ඉයන්. හැඩ දාලා කවි ලිව්වට ඔය තාක්ෂනේ දැණුමනම් බින්දුවයි මගේ...
      ස්තූතිය ගොඩක් ඉයන්.
      ජයවේවා !!!

      Delete
  8. Emotional Manipulation කියන්නේ මේවට තමයි හෙහ් හෙහ්. මම මැරෙන්න ලඟයි ඒ නිසා මා ලඟ ඉන්න වගේ ඒවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් ඇති නේද ?
      මම මෙතනදි අදහස් කෙරුවෙ මැරෙන්න කෙනා නිසා ලග ඉන්න කෙනාට දුක් වෙන්න එපා කියන අදහස.
      ස්තූතිය ගොඩක් ඉයන්.
      ජයවේවා !!!

      Delete
    2. ආයිමත් කියෙව්වා. ඔබ හරි. මරණාසන්න කෙනෙකු ගේ ආයාචනයක්. එහෙනම් මම කියපු එක අදාල නැහැ.

      Delete
    3. ඒ අදහසත් ගන්න පුලුවන්. මම අදහස් කෙරුවෙ වෙන දෙයක්. ඒකයි ඉයන් .

      Delete
  9. ඔබ යන්නම යන්නම යනවානම්..මට ඉන්න කියන්නට බෑනේ ඉතින්...😜

    ReplyDelete
    Replies
    1. අන්න හරි. එහෙම තමයි හිතන්න ඕන.
      ස්තූතිය ගොඩක් සඳූ..
      ජයවේවා !!!

      Delete
  10. කොහෙද මේ දුමි හදිස්සියේම යන්න හදන්නේ..? කොහොමත් කවදාක උනත් යන කෙනා සතුටින් යනවා ඉන්න කෙනාට තමා ඒ දුක. ඒක ලෝක ධර්මය. යන්න කලින් ඉන්න අයගේ හිත හදලා යන එකත් හොඳයි. එතකොට යන කෙනාට ගිහිල්ලා ඉන්න තැනක සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    පලි. දුමි ඔබගෙ කවි නිර්මාණ වලින් පොඩි වැඩක් ගන්න හිතුවා. හැකි නම් මට e -mail එකක් එවැන්න.
    leoni.amaratunga@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔබ කිව්වා වගේ යන කෙනාට දුකක් නොදී යන්න දෙන්න ඕන. එතකොට සසරෙ බැඳීමක් නැතිවෙනවා නේද ?

      හරි මම email එකක් එවන්නම්. " දුමින්ද අබේසේකර " නමින් සිංහලින් නම් කර ඇති මගේ fb එකට ඔබට එන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මොකද මම email බලනවා අඩුයි.

      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete

  11. ආවානම් යන බව ස්ථිර නේද? යථාර්ථය එය නිසා වැලපීමෙන් පලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එයයි විය යුත්තේ.
      ස්තූතිය ඔබ තුමාට.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...