Thursday 23 November 2023

ඔබේ උණුහුමෙ ලැගුම් ගන්නට පතමි අවසර සෙනෙහසින්.....

.



ඉබේ හමුවුණු දෙනෙත දෙනෙතට ලඟින් ඉන්නා අදහසින්

තැබේ පියවර දිනෙන් දින තව වශී වෙන ඔය මදහසින්

තිබේ දහසක් සිහින සිත්තම් සසර හුරුවූ අනුහසින්

ඔබේ උණුහුමෙ ලැගුම් ගන්නට පතමි අවසර සෙනෙහසින්.....


--- දුමී ---

16 comments:

  1. ඉතාම ලස්සන පද පේලී ටිකක් - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් මායියා ඔබට.
      ජයවේවා !!!

      Delete
  2. ගලයි දෙනෙතින් සුමුදු සෙනෙහස මගේ දෙනෙතට සෙනෙහසින්
    දැනෙයි පියවර තියන මොහොතේ ඔබ සිටින බව මා ළඟින්
    සිහින සිත්තම් මැවෙන්නේ සංසාර ගමනේ හුරු ලෙසින්
    ලැගුම් ගන්නට උණුහුමේ අවසරයි, රැකගන්න මාවත් ආදරෙන්

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබටත් මේ ලස්සන පිළිතුරටත් නිදී.
      ජයවේවා !!!

      Delete
  3. සඳේ සළුවෙන් වසාගෙන් හුන්
    හැඩ පෙනෙද්දී බේරි බේරී
    බදේ ගෝමර හිනාවෙනු ඇත
    පිනි දියෙන් තෙත නෑවි නෑවී

    වදේ බිඟු කැල ගුම් නගද්දී
    නෙළුම් කැකුළෙන් පෑරි පෑරී
    මදේ මදරද මලවි කරලියෙ
    සරාගී රස දේවි දේවී...

    ReplyDelete
    Replies
    1. Wow. පිළිතුරක් ලියන්න වෙලාවක් නැහැ දැන්ම. ලස්සනයි සඳූ.
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete
  4. අපූරැ පද පෙළ ❤

    දෙනෙත 2පාරක් යෙදිල තියෙන්නෙ වැරදිලාද දුමී 🤔

    ReplyDelete
    Replies
    1. වැරදිලානම් නෙමෙයි නමී. එක්කෙනෙක්ගෙ දෙනෙත අනිත් කෙනාගෙ දෙනෙතට කියන අදහස තියෙන්නෙ.
      ස්තූතිය ගොඩක් නමී. මේ ශනිදා දහයට අනිවාර්යයෙන්ම මේ පැත්තට එන්න.
      ජයවේවා !!!

      Delete
  5. මෝදුවන සෙනෙහසක, සිහිනෙක චමත්කාරය හා පැතුමක අලංකාරය වෑහෙන පදපෙලක ලස්සන වින්දෙමි දුමී, ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ඔබට ගල්මල්.
      ජයවේවා !!!

      Delete

  6. සසර හුරුවූ සිහින සිත්තම් දහස් ගණනක් තිබෙන හින්දා
    කවර අවසර තවත් සොයනුයෙ අද ම ඇය ගෙන එන්න කැන්දා

    ReplyDelete
    Replies
    1. ලස්සන පිළිතුරක.
      ස්තූතිය ගොඩක් ඔබ තුමාට.
      ජයවේවා !!!

      Delete
  7. හරිම ආදරණීය පද පේලි 4 ක් . කෙටියි , රහයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අනුරුද්ධ ඔබට .
      ජයවේවා !!!

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...