විසිර ඇති තරු කැකුළු අතරේ සඳක් පියකරු නෙතට ගැටුණා
වසර ගණනක් ගෙවී ගියමුත් අදත් ඒ රුව ළඟම තිබුණා
කවර හේතුද කියන්නට බැහැ සසර හුරුබව තදට දැනුණා
නුවර අහසක ගෙතුණ සිතුවිලි සත්තමයි හිත පතුළෙ රැඳුණා
අව්ව වැස්සද නොදැනුණාමයි ඇවිද ගිය දුර මදියි සිතුණා
වැව් දියේ රැළි වලාකුළු බැමි අතර කොතෙකුත් මතක රැඳුණා
ගෙව්ව දිනයන් හිතම සනසයි එහෙත් කරුණක් බරට දැනුණා
කව්ද අපි අපෙ සබඳකම් ගැන කියා ගන්නට වචන නොවුණා
වෙන්වෙනා බව නුදුරු දිනයක සිහිකරද්දී කදුළු පිරුණා
ළංව හිඳිනට හිතාගත්තද උරුම නැති බව නිතර දැනුණා
යන්න පෙර දුර පුරුදු සෙනෙහස විඳින්නට යළි වරක් සිතුණා
එන්න මොහොතක් නුවර හෙවනට අපට හුරු තැන හිස්ව තිබුණා.......
--- දුමී ----




