පාය පායා හෙලන සුසුමක දුක් කඳුළු පිණි තවරන
පෝය අහසෙහි පෙනී නොපෙනී වප් හඳත් දුක් උහුලන
යාය එළිකල සුවඳ තවරපු මලක් නික්මී ගියදින
ඈය මගෙ ලොව නොමැති මොහොතෙදි හදවතේ ගිණි ඇවිලෙන
අතීතෙක සිහිවටන කුසුමන් එකින් එක පෙති පුබුදන
එතී දැවටෙන ලතාවන් හද මඩල නිබඳව කළඹන
පතී යුවතී වරම් ලැබුමට ප්‍රථම මෙලොවෙන් නික්මුණ
සිතීමෙන් මේ දෙනෙත් රතුවී දුකින් කඳුළින් නලියන
ආත්මෙක බැඳි සසර සෙවනැලි සෙනෙහෙ දෝතක් සමඟින
ඈත් වෙන සඳ හිස් අහස් ගැබ දුක් අදෝනා විමසන
දෑත් එකිනෙක පැටලි මිමිණුව අපේ සෙනෙහස පෙරදින
මාත් සමගම සිහි තබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....
+++++++++++++++++++++++++++++++++
ReplyDeleteවැට දමාළඟ තියා ගන්න හැදුවත් වෙලාව ආවම යන්න වෙනවනේ...:)
Deleteස්තූතිය ගොඩක් අයියේ...
ජයවේවා
I hear you :)
ReplyDeleteThank you so much :)
DeleteJayawewaa...!!!
ලස්සනයි 👍
ReplyDeleteස්තූතිය ගොඩක් සඳූ...
Deleteජයවේවා !!!
අත්දැකීම පෞද්ගලික වන තරමට, මේ වගේ විරහ සංකල්ප ලියවෙනවා, හදවතට අණින පිහි පාරක් වගේ.
ReplyDeleteඒක හරි. ඒත් කලාකරුවෙක්ට නිර්මාණයක් කිරීමට පුද්ගලික අත්දැකීමක් තියෙන්නම ඕනෙත් නෑ. හැබැයි විරහ රසනම් උපරිමයෙන් විඳලා තියෙන නිසාම ලියවෙනවත් ඇති මෙහෙම... ස්තූතිය හදවතින් ම ඩ්‍රැකී..
Deleteජයවේවා
ඩ්‍රැකී ඔබ වීරාභිවන්දනයෙන් යුතුව නැරඹූ චිත්‍ර පටයක් මතකද?
ReplyDeleteනැරඹීම අරඹා ඉතා ටික වේලාවකින් අප ඒ චරිතය තුල ජීවත් වෙන්න පටන් ගන්නවා!
ඒකම නොවේද මේ නිර්මාන කරණයේදීත් වන්නේ?
අපි නිර්මානය කරද්දීත් එය රස විඳිත්ත්දීත් එය තුලට ආරෝපනය වනවා.
විරහව පිළිබඳව ලියන්න බිරහව අත් විඳින්නම ඕනෑ නෑ කියලයි මම නම් හිතන්නේ!
මොනවා උනත් දුමීගේ රස බර කවියක් හැමදා වාගේම!
අයියගේ අදහස හරි. අපි උපකල්පනය තුළින් නිර්මාණයක් කරන්න පුලුවන්. කොහොමත් විරහ රහ අමුතුම රසක්.
Deleteස්තූතිය අයියේ .
ජයවේවා !!!
සොඳුරු සංකල්පනාවක්...
ReplyDeleteස්තූතිය මුතු පබා හදවතින්ම.
Deleteජයවේවා
පෙම්වතිය අහිමි වීමෙන් ඇතිවෙන වේදනාව අපූරුවට අකුරු කරල තියෙනව.
ReplyDeleteආහ්. ප්‍රසන්න ඇවිත්. සතුටුයි සතුටුයි . ස්තූතිය ගොඩක් .
Deleteජයවේවා