Saturday 20 April 2024

නමක් නැතිවූ සබඳකම් ගැන කියා දෙන්නේ අපට කවුරූ... (ශනිදා රෑ දහයට XXVIII ).


 .

ළඟක නැතිමුත් නිතර නොදැකම 

                  සෙනෙහෙ ලියලයි විලස ළදළූ

හිතක බරටම මතක් වනවිට 

                      රුවම සොයනව අවට මිදුළූ

ගඟක ඉවුරක දෙපස රැඳුණත් 

                        හුදෙකලාවම උණන කඳුළූ

අතක දුරකින් විඳින්නට වෙද 

                 උරුමයන් නැති  සොඳුරු මුකුළූ...


මලක් විලසට රකින්නට බොහො 

                           සිහින දුටුවත් නිතර රුසිරූ

හඳක් කිසි දින අයිතිවන්නෙද 

                               හිතේ ඇඳුනද ප්‍රේම පිළිරූ

පවක් හෝ එය පිනක් වන බව 

                        කියනු බෑ එයි සුසුම් පොකුරූ

නමක් නැතිවූ සබඳකම් ගැන 

                             කියා දෙන්නේ අපට කවුරූ... 


--- දුමී ---


6 comments:

  1. අහිමි ආදරය ගැන ලියන එක අභියෝගයක්. සුපුරුදු වාග් මාලාවෙන් මිදිලා අපූර්වත්වයකින් දකින්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම් අනිවාර්යයෙන්ම .
      මේක fb එකේ මිතුරියකගේ ඉල්ලීමකට කෙරූ නිර්මාණයක් .
      ස්තූතිය ගොඩක් ඔබට .
      ජයවේවා !!

      Delete
  2. ඒක මරු දුමී...ආදරය කියන එක ගැන මොන තරම් විදිහට බලන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඒකනේ මයියා...
      ස්තූතිය ගොඩක් ඔබට .
      ජයවේවා !!!

      Delete
  3. නමක් නැති සඹඳකමුත් හරි අපූරැයි නෙ...
    අයිතිවාසිකම්, අණපනත් නැති තැන සුන්දරයි. හැබැයි වෙන කෙනෙකුගෙ අයිතිකාරියක් උනොත් ඒක සම්මතයක් එක්ක ගැටළුවක් වෙනව!

    ReplyDelete
    Replies
    1. ඒත් නමක් නැති වුනාම දෙන්නගේ තේරුම් ගැනීම මත ලොකු ගැටලුවක් නෙමෙයි ඉතින්.
      හදවතින්ම ස්තූතිය නමියා.
      ජයවේවා !!!

      Delete

උඹ කවදද පණ විලසම මගෙ අසළින් දැවටෙන්නේ...( ශනිදා රෑ දහයට XXIX)

 . . . සිඹ අවටද එන සිසිලම               මඳ සුළඟින් පැතිරෙන්නේ තඹ පැහැයද ගෙන සුවයම              වැලි පලසින් මතුවෙන්නේ  සුබ පැතුමද දැන රහසෙම  ...