.
.
පෙති පරව එකිනෙකින් මැලවී
අරලියාවෝ ගිලිහිලා
නිති වැතිර මග සදයි පාවඩ
දුක් සුසුම්පද මුමුණලා
පති යුවති සේ මා ළඟින් රැඳි
ඔබ සුසානේ තනිවෙලා
හති වැටුණු නෙත් රතුව ගියමුත්
කඳුලු උල්පත වියළිලා
හිස්තැනක් වූ අඳුරු දිවියට
මල් නෙලාගෙන අමුණලා
ලස්සනක් කර දුන්නෙ නුඹමයි
සුවඳ සෙනෙහෙන් නහවලා
ඇස්වහක් වැද අහිංසකවූ
කැදැල්ලට ගිණි ඇවිළිලා
රස්නයක් නැති හුස්ම පිටකර
ඇයි ගියේ දුර නොපෙනිලා
කුස පිරෙන්නට නොමැත මව්කිරි
සිඟිත්තිගෙ ඇස් රතුවෙලා
සොය සොයා ඈ මවගෙ උණුහුම
හඬා පපුවම බරකලා
බැස ගියේ කිම යළි නොඑන්නට
මසිත් අහසම රිදවලා
හිස බරයි තව යන්නෙ කොහොමද
ඔබව සොහොනේ නවතලා...
--- දුමී ---
තේමාවට ගැලපෙන විරිතක් යෙදිලා තියනවා. “අරලියාවෝ‘ අලුත් යෙදුමක්.
ReplyDeleteම්ම්. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
Deleteජයවේවා
දුක්බර කවිය තුළ රඳවන හැටි හරිම අලංකාරයි, ඉහළ කොමන්ටුවේ වගේම මගේ හිතගත් ලස්සන යෙදුම අරලියාවෝ
ReplyDeleteහදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට අයියේ
Deleteජයවේවා
හ්ම්ම්.
ReplyDeleteම්ම්ම්. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ප්‍රා. ජේ.
Deleteජයවේවා
දුක්බර කවි මයි ලියන්නේ . ඒකෙත් නොදන්නා සැපක් තියෙනවා .
ReplyDeleteඑහෙමම නෑ අයියේ. වෙනස් නිර්මාණ ලියනව.
Deleteහදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට අයියේ
ජයවේවා