යනෙන මගතොට නිතර හමුවන පුරුදු තැන් ඇස ගැටෙනවා
තිබෙන මතකෙක රැඳුණු සිනහව උමතුවක් වී හොයනවා
සරණ සිතුවිළි සමග පොරබැඳ අතීතයටම දුවනවා
පෙනෙන මානෙක හෝ හිඳීනම් සත්තමයි යළි හැරෙනවා....
--- දුමී ---
යනෙන මගතොට නිතර හමුවන පුරුදු තැන් ඇස ගැටෙනවා
තිබෙන මතකෙක රැඳුණු සිනහව උමතුවක් වී හොයනවා
සරණ සිතුවිළි සමග පොරබැඳ අතීතයටම දුවනවා
පෙනෙන මානෙක හෝ හිඳීනම් සත්තමයි යළි හැරෙනවා....
--- දුමී ---
.
.
වටින් පිටින් වැහි අස්සේ නත්තල් සිරි සරුවේ
හිමෙන් නැතත් සීතලෙන්ම මීදුම තව හැඩවේ
රසින් රසය උතුරායන පදමට කවි මතුවේ
ඉතින් හදමු තායි චිකන් බඩ ගින්නද වැඩිවේ
හොඳට සෝදලා වියළපු බඳුන තබන්න
එයට ඔයිස්ටර්, සෝයා සෝස් දමන්න
රසට හොදට සුදුළූණූ පේස්ට් හලන්න
එවිට සුවඳ පැතිරෙනවා එයත් විඳින්න
සිහින් වෙන්න කොත්තමල්ලි කොළ ටික ලියලා
දමන්න ඒ බඳුන වෙතට ලස්සන දැකලා
හොඳින් තියෙන උකු පොල් කිරි කළවම් කරලා
එයින් මේස හැඳි දෙකකුත් ගන්නකො මැනලා
සැරයි එහෙත් ගම්මිරිසුත් ඕනම වෙනවා
යසයි කියන පදමට ලුණු ඕනම වෙනවා
ඔයයි මමයි මිරිස් රසට ආසම වෙනවා
හොඳයි ඉතින් ඒ සේරම කළවම් වෙනවා
සඳහන් කළ ඒ හැම දේ කළවම් කරලා
රැකගන් එය හරි පදමට දියාරු බලලා
දැන් දැන් මේ භාජනයත් පසෙකින් තියලා
අරගන් අර කුකුල් මසුත් පොඩියට කපලා
හොඳින් සේදු ගෑරොප්පුව අතකට රැගෙන
අනින්න කැපු මස් ටිකටම නොතැලෙන ලෙසින
කලින් සැදුව උකු තැවරුම තවරා සැනින
පැයෙන් අඩක් තැබු විට රස එයටම උනන
දැන් හරි මස් කැබලි ටිකත් වෙන වෙන අරගනූ
ඉන් එක එක රම්පෙ කොලේ ඔතලා දවටනූ
මෙන්න ටූත් පික් එක හෝ ඉරටුව රඳවනූ
ඔන්න වැඩේ අවසානෙදි දෑසම නටවනූ
තෙලින් රත්ව තාච්චිය් ගිනි අඩු කරලා
එකින් එකට මස් බෝලත් බැදගනු දමලා
රනින් දිලෙන පැහැයක් දුටු විට ලිප නිවලා
රසින් පිරුණු තායි චිකන් දැන් ඇත් හැදිලා
දවස ගානෙ එකම කෑම කාල ඇතිවෙලා
වෙහෙස නොවෙයි මෙය හදමින් කමුද දඟලලා
නිවස සතුට නත්තල හා සිනහ පැතිරිලා
සවස එයා එක්ක නටමු ආලෙ කොඳුරලා...
--- දුමී ---
ස්තූතිය :
කෑම වට්ටෝරුව සහ සේයාරුව ලබාදුන් " තිලාගෙ කෑම පිටුව " හිමිකාරිණී තිලානි විතානගේ මහත්මියට .
.
.
පිදු සෙනෙහසක අරුමය සිත තුළට ගලා
සුදු පරවියන් යුවළක් මුතු කඳුළු සලා
කඳු මායිමේ මීදුමකට මුවා වෙලා
මධු මාලතිය දුර ඇදුණා අහක බලා
පොතට වද දිදී කුරුටුව ලිව්වාට
නෙතට කඳුළු උණුහුමකින් රැව්වාට
ගතට හිරිගඩුව සරදම් මැව්වාට
හිතට දුකයි හැර යන බව කිව්වාට
ඈත මීදුමේ මැලවුණු මේඝ බලා
පීත පාට මල් සුවඳද නිමා කලා
ගීත බෙදන සියොතුනි අමනාප වෙලා
සීත අඳුරෙ පලයන් මා නොකර මුලා......
--- දුමී ---
.
ඉන වැසෙන සුදු ඇඳුම හැඩ වැඩට දාලා
මන බැඳෙන මුතු පෙලම කර වටට මාලා
යන ගමන ලිය පෙනුම රුව නෙතට ලීලා
දැන නොදැන මගෙ හිතම ඇය වෙතට දීලා
ඉන වැසෙන සුදු ඇඳුම දාලා හැඩ වැඩට
මන බැඳෙන මුතු පෙලම මාලා කර වටට
යන ගමන ලිය පෙනුම ලීලා රුව නෙතට
දැන නොදැන මගෙ හිතම දීලා ඇය වෙතට
ඉන වැසෙන හැඩ වැඩට සුදු ඇඳුම දාලා
මන බැඳෙන කර වටට මුතු පෙලම මාලා
යන ගමන රුව නෙතට ලිය පෙනුම ලීලා
දැන නොදැන ඇය වෙතට මගෙ හිතම දීලා
ඉන වැසෙන හැඩ වැඩට දාලා සුදු ඇඳුම
මන බැඳෙන කර වටට මාලා මුතු පෙලම
යන ගමන රුව නෙතට ලීලා ලිය පෙනුම
දැන නොදැන ඇය වෙතට දීලා මගෙ හිතම
සුදු ඇඳුම ඉන වැසෙන හැඩ වැඩට දාලා
මුතු පෙලම මන බැඳෙන කර වටට මාලා
ලිය පෙනුම යන ගමන රුව නෙතට ලීලා
මගෙ හිතම දැන නොදැන ඇය වෙතට දීලා
සුදු ඇඳුම ඉන වැසෙන දාලා හැඩ වැඩට
මුතු පෙලම මන බැඳෙන මාලා කර වටට
ලිය පෙනුම යන ගමන ලීලා රුව නෙතට
මගෙ හිතම දැන නොදැන දීලා ඇය වෙතට
සුදු ඇඳුම හැඩ වැඩට ඉන වැසෙන දාලා
මුතු පෙලම කර වටට මන බැඳෙන මාලා
ලිය පෙනුම රුව නෙතට යන ගමන ලීලා
මගෙ හිතම ඇය වෙතට දැන නොදැන දීලා
සුදු ඇඳුම හැඩ වැඩට දාලා ඉන වැසෙන
මුතු පෙලම කර වටට මාලා මන බැඳෙන
ලිය පෙනුම රුව නෙතට ලීලා යන ගමන
මගෙ හිතම ඇය වෙතට දීලා දැන නොදැන
හැඩ වැඩට ඉන වැසෙන සුදු ඇඳුම දාලා
කර වටට මන බැඳෙන මුතු පෙලම මාලා
රුව නෙතට යන ගමන ලිය පෙනුම ලීලා
ඇය වෙතට දැන නොදැන මගෙ හිතම දීලා
හැඩ වැඩට ඉන වැසෙන දාලා සුදු ඇඳුම
කර වටට මන බැඳෙන මාලා මුතු පෙලම
රුව නෙතට යන ගමන ලීලා ලිය පෙනුම
ඇය වෙතට දැන නොදැන දීලා මගෙ හිතම
හැඩ වැඩට සුදු ඇඳුම ඉන වැසෙන දාලා
කර වටට මුතු පෙලම මන බැඳෙන මාලා
රුව නෙතට ලිය පෙනුම යන ගමන ලීලා
ඇය වෙතට මගෙ හිතම දැන නොදැන දීලා
හැඩ වැඩට සුදු ඇඳුම දාලා ඉන වැසෙන
කර වටට මුතු පෙලම මාලා මන බැඳෙන
රුව නෙතට ලිය පෙනුම ලීලා යන ගමන
ඇය වෙතට මගෙ හිතම දීලා දැන නොදැන
දාලා ඉන වැසෙන සුදු ඇඳුම හැඩ වැඩට
මාලා මන බැඳෙන මුතු පෙලම කර වටට
ලීලා යන ගමන ලිය පෙනුම රුව නෙතට
දීලා දැන නොදැන මගෙ හිතම ඇය වෙතට
දාලා ඉන වැසෙන හැඩ වැඩට සුදු ඇඳුම
මාලා මන බැඳෙන කර වටට මුතු පෙලම
ලීලා යන ගමන රුව නෙතට ලිය පෙනුම
දීලා දැන නොදැන ඇය වෙතට මගෙ හිතම
දාලා හැඩ වැඩට ඉන වැසෙන සුදු ඇඳුම
මාලා කර වටට මන බැඳෙන මුතු පෙලම
ලීලා රුව නෙතට යන ගමන ලිය පෙනුම
දීලා ඇය වෙතට දැන නොදැන මගෙ හිතම
දාලා හැඩ වැඩට සුදු ඇඳුම ඉන වැසෙන
මාලා කර වටට මුතු පෙලම මන බැඳෙන
ලීලා රුව නෙතට ලිය පෙනුම යන ගමන
දීලා ඇය වෙතට මගෙ හිතම දැන නොදැන
දාලා සුදු ඇඳුම ඉන වැසෙන හැඩ වැඩට
මාලා මුතු පෙලම මන බැඳෙන කර වටට
ලීලා ලිය පෙනුම යන ගමන රුව නෙතට
දීලා මගෙ හිතම දැන නොදැන ඇය වෙතට
දාලා සුදු ඇඳුම හැඩ වැඩට ඉන වැසෙන
මාලා මුතු පෙලම කර වටට මන බැඳෙන
ලීලා ලිය පෙනුම රුව නෙතට යන ගමන
දීලා මගෙ හිතම ඇය වෙතට දැන නොදැන
තරංග කවි
--- දුමී ---
සේයාරූ...
ඉශන්කා අබේසේකරගේ මුහුණු පොතෙන්..
.
.
සඳ දිය සේල සිතුවම් හැඩ මවද්දී
ඉඳ ගෙන වටේ තරු තනිකම මකද්දී
විඳ විඳ වලාකුළු දුක් ගී ගයද්දී
හද මගෙ රිදෙයි ඔයාව සිහි කරද්දී
සුළං සැරට එහෙ මෙහෙ දුව පනිද්දී
වහං වෙන්න බෑ සුවඳක් දැනෙද්දී
පතං ආව ආදරෙ කටු ඇනෙද්දී
බලං ඉන්න බෑ විරහව හැඟෙද්දී
පැහැබර දිනක උඳුවප් මහ ලබද්දී
නැහැ පෙර දුකක් ඔයාගෙ රුව දකිද්දී
බැහැ සැනසෙන්න ඒ මතකය මැවෙද්දී
ඇහැ රතු වෙනව දැන් හීතල දැනෙද්දී
හඳක සිරිය උඳුවප් මහ දිළෙද්දී
මතක මැවෙයි මළබෙර හඬ ඇහෙද්දී
දිනක ඉපිද හැකිනම් සැරි සරද්දී
ළඟක ඉඳින් මගෙ හදවත හඬද්දී.....
--- දුමී ---
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...